Colombo Today Local News

ඌව මහඇමති විදුහල්පතිනියට තර්ජණය කර දණගසා වන්දවාගනී (Video)

ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ වැඳ සමාව ගැනීමට සිදුවූ බව බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන භවානි රගුනාත් මහත්මිය අද හඬා වැටෙමින් පිළිගත්තාය.

එම සිද්ධියෙන් පසු එවැනි සිද්ධියක් නොවූ බවට තමා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසා බව ද එම විදුහල්පතිනිය පැවසුවාය.

පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු පිරිසක් එද එම පාසලට ගොස් තිබුණු අතර ඒ ගැන පැතිර ගිය ආරංචිය නිසා තවත් පිරිසක් ජනමාධ්‍යද සමඟ අද පාසලට ගොස් තිබේ. එම අවස්ථාවේ පළාත් අධ්‍යාපන ලේකම්වරියද ඉදිරිපිට විදුහල්පතිනිය හඬා වැටෙමින් තමා මුහුණ දුන් සිදුවීම විස්තර කළාය.

එම විදුහල්පතිනිය සිද්ධිය වූ දිනයේම ඒ ගැන පාසල් ලොග් සටහන් පොතේ සටහනක් දමා ඇති අතර ඉන් පසුව පළාත් අධ්‍යාපන බලධාරීන් ඇය කැඳවා එවැනි සිදුවීමන් නොවූ බවට ප්‍රකාශයක් කරන්නැයි කළ බලපෑම් ගැනද විදුහල්පතිනිය ලොග් සටහනක් තබා තිබේ.

Related posts

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

සැප්තැම්බර් පළමු දින 17තුළ සංචාරකයින් 65,688 ක් ඇවිත්

Admin

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

තොග මිල සිල්ලර මිලට වඩා ඉහළයෑමෙන් සිල්ලර වෙළෙඳුන් සහල් විකිණීම නතර කරති

colombotoday

යාපනයේදී ලංගම බස් රථයක් පෙරළී 20කට තුවාල

colombotoday

මැයි 9 ප්‍රචණ්ඩක්‍රියා සිද්ධිවලට සම්බන්ධ 1,708ක් අත්අඩංගුවට. 751 රිමාන්ඩ්

colombotoday