Colombo Today Local News

රාජපක්ෂ කාලෙ බිලියන හාරදාහක බැදුම්කර මගඩියක් වෙලා.. ජනපති කොමිසමක් පත්කර ඒ ගැන හොයනවා

රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ද විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය රජය සමයේ සිදුකළ බැඳුම්කර මගඩි හරහා රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 4000 ඉක්මවන බවයි ඇමතිවරයා පවසන්නේ. එවැනි බරපතල වංචාවලට සම්බන්ධ පුද්ගලයන් දැන් වත්මන් රජය යටතේ සිදු වූ බිලියන 11 ක වංචාව පිළිබඳ මහා ඉහළින් කතා කරන බව ද සේනාරත්න මහතා පෙන්වා දෙයි. එම බිලියන 11 ක මුදල රජයට අයකර ගත යුතු බවට කිසිදු ගැටලුවක් නොමැති බවත් එසේම පැවති
රජය යටතේ සිදු වූ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එම මුදල් වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

මේ වනවිට බැඳුම්කර වංචාවේ ප්‍රධාන පාර්ශ්වයක් වන අර්ජුන් ඇලෝසියස්ට අයත් රුපියල් බිලියන 12 ක් මහ බැංකුව විසින් රඳවාගෙන සිටින බැවින් එම මුදල් අයකර ගැනීම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බව ද ඇමතිවරයා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Related posts

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

colombotoday

වන රක්ෂිතවල කොස් කඩන්න වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

colombotoday

ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද? නැද්ද? ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ ගත් තීන්දුව මෙන්න

colombotoday

එජාප ප්‍රබල ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට යයි !

colombotoday

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin

විදුලි බලාගාර වලට නැප්තා ලීටර ලක්‍ෂ 12 ක්

colombotoday