තැබෑරුම් විවෘතව තබන වේලාවන් දිර්ඝ කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ 18 දා ඉල්ලා අස්කරගෙන තිබේ.
ඒ එම ගැසට් නිවේදනයට එරෙහිව කැබිනට් මණ්ඩලයෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට අනුවයි.
මේ අතර කාන්තාවන්ට මත්පැන්හල් වල සේවය කිරීම සහ මත්පැන් විකිණීම තහනම් කරමින් පනවා තිබූ නීතිය ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයද ඉවත් කරගැනීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.