Colombo Today Local News

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා විමර්ශන කොමිසන් සභාව ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් සියලූ පාර්ශව කැඳවා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අද දිනයේ තමා උපදෙස් ලබාදුන් බව ඇල්පිටියේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසිය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂවරයා, මහ බැංකු අධිපති, නීති විශාරදයින් කැඳවා මේ පිළිබඳ උපදෙස් ලබාදුන් බවයි.

එමෙන්ම ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයටද ධම්ම පදය උපයෝගී කරගනිමින් තමන් දේශනයක් පැවැත්වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව අකුසල් කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලද කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

තුන් මාසෙන් රට ස්ථාවර කළා

Admin

උදයංග වීරතුංග නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුධයක්…

colombotoday

මූන් එයි.. අගමැති හමුවෙයි.. සංහිදියාවේ ප්‍රගතිය අසයි

colombotoday

සිවාජිලිංගම් යලි ෆෙඩරල් ඉල්ලයි. ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනාවලින් මිදීය නොහැකි බව ද කියයි

colombotoday

අරාබි නවාතැන්පොළ හදන ශ්‍රීපාද අඩවියේ පීක් වත්තේ හෙළිනොවූ ඡායාරූප මෙන්න

colombotoday

තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රී කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම්

Admin