Colombo Today Local News

හෙට නෙවෙයි, අදම ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් – ජනපති කියයි (Video)

හෙට නොව අදම වුවත් තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නට සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න පැහැදිලි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද කරුණු විමසීම සම්බන්දයෙන් අදහස් පල කරමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

හම්බන්තොටදී පැවති ශ‍්‍රීලනිප ප‍්‍රචාරක ජනරැුළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

තමා පැමිණයේ සදාකල් ජනාධිපති ධුරයේ සිටීමට නොවන බවත් රට වෙනුවෙන් තමන් දකින සිහිනය වන ජාතික සංහිඳයාව ශක්තිමත් කර සියලූ ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වීමට මාතෘ භූමිය ඔසවා තැබීම බවත් ඒ සදහා තමන් තනතුරු ඇතත් නැතත් කැපවන බවද පැවසීය.

තම ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැන කිසිවෙකු කලබල විය යුතු නැතැයිද කී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයක් ගෞරවයෙන් පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත ධුරයෙන් ඉවත් වීමට සූදානම් යයිද ඔහු සදහන් කලේය.

Related posts

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ජල බිල්පත් ගැටලු විසඳන්න පාරිභෝගිකයින්ට දුරකථන අංකයක්

colombotoday

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday

ලංකාවට දෙන ණයක් ගැන ඉන්දීය විදේශ ඇමති සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක්

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

Admin