Colombo Today Local News

අති බිහිසුණු මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියානුවෙක් මෙරටට ගෙන්වයි !!

යුරෝපා රටවල භාවිතා කරන ” මෙතැම්පටමයින් ” නැමති අති භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා වෙළඳ සැලක් පවත්වාගෙන යන 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඊයේ (11) දින රාත්‍රී 9.45 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මෙතැම්පටමයින් ග්‍රෑම් 220 ක ප්‍රමාණයක් සගවා ගෙන තිබූ අතර, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

Related posts

Video: ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ජනපතිවරණයට බාධාවක් නොවේ.

colombotoday

රගරා සමග හෙරොයින් ජාවාරම් කළ බන්ධනාගාර නියාමකයෙක් කොටු

colombotoday

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ අරඹයි

colombotoday

රත්තරන් මිල තවත් නගී

colombotoday

ඇමෙරිකා තානාපති ජුලී චන්ග් අධිකරණ ඇමති හමු වෙයි

Admin

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් වේ..

colombotoday