Colombo Today Local News

කන පලාගත් මරික්කාර්, ලැජ්ජාවෙන් “මට නෙවෙයි මම ගැහුවා කියලා ලියන්න” මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලයි

ඊයේ පාර්ලිමේන්තුවේ ඉතා පහත් ලෙස හැසිරිනු එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර්ට ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා විසින් දරුණු කනේ පහරක් එල්ලකළ බව වාර්තා වෙනවා.

ඒකාබද්ද විපක්‍ෂය විසින් සභා ගැබේ මැද පුවරු ඔසවාගෙන විරෝධතාවයේ යෙදෙද්දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් ඔවුනට පහර දෙන්න පැමිණ ඇති අතර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මුල් අවස්ථාවේ සමථයකට පත්කර ඇති අතර, දෙවැනි වරටද මන්ත‍්‍රී මරික්කාර් මන්ත‍්‍රී ගාමිණි ලොකුගේට පහර දෙන්නට පැන්න අවස්ථාවේ ලොකුගේ මන්ත‍්‍රීවරයා විසින් ඔහුට දරුණු කනේ පහරක් එල්ල කර ඇත. එම කනේපහර දරාගැනීමට නොහැකි ඉතා දරුණු පහරක් බවයි ඒ අසල සිටි මන්ත්‍රීවරයෙකු අප සමඟ පැවසුවේ.

මේ කනේ පහර පිළිබඳව ඉතා ලැජ්ජාවට පත්වී සිටින මන්ත්‍රී මරික්කාර් තමාට නොව තමා ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට පහරදුන් බවට වාර්තා කරන මෙන් ඔහුට හිතවත් මාධ්‍ය මිතුරන්ට දුරකථනය ඔස්සේ ඉල්ලීමක් සිදුකර ඇත.

තමාට වඩා ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් මෙන්ම වයසින් වැඩි වැඩිහිටියෙක්ද වන ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට පහර දීමට පැමිණි මන්ත්‍රී මරික්කාර් ඉතා නොහික්මුණු වැඩිහිටියන්ට ගරු නොකරන මොලයක් නැති පුද්ගලයෙක් බවයි මේ පිලිබදව අදහස්දක්වූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයෙකු අප සමග සඳහන් කර සිටියේ. ඔහුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට ස්ත්තුතිය පලකල යුතු බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටියා.

Related posts

“එපා නම් කියන්න.. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය මම පොළොන්නරුවට ගන්නවා“ – ජනපති

colombotoday

ජාතිවාදය අවුලමින්, නීතිය හැල්ලු කල අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

colombotoday

ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට යළි දිවයිනට

colombotoday

මැති ඇමති, නිලධාරී රට ගමන්, වාහන මිලදී ගැනීමට කෝටි 1100ක පරිපූරකයක් පාර්ලිමේන්තුවට !

colombotoday

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday