Colombo Today Local News

“මම කෑ ගහනකොට ඔයාලත් කෑ ගහන්න” අගමැති රනිල් එජාප මන්ත්‍රීන් පෙළඹවූ හැටි මෙන්න (Video)

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශයකින් අනතුරුව ඒකාබද්ධ විපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් ඇතිවිය.

අගමැතිවරයා සිය කතාව අතරතුරදී “මං කෑ ගහනකොට ඔයගොල්ලත් කෑ ගහන්න“ යැයි සිය මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන ආකාරය සිරස රූපවාහිනිය මගින් විකාශය කළේය.

ඉන් පසු අගමැතිවරයා ඉන් පසු ‘කවුද හොරා’ කියා අගමැතිවරයා මහ හඬින් අසද්දී ‘මහින්ද හොරා’ යයි එජාප මන්ත‍්‍රීවරුන් කෑගැසීය.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන්ද මැතිසබය මැදට පැමිණ “හොරා හොරා රනිල් හොරා – මහබැංකුව කඩපු හොරා“ යනුවෙන් කෑ ගසමින් විරෝධතාවයේ නිරත වූ අතර අනතුරුව ඇති වූ උණුසුම්කාරී තත්ත්වය දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුව දක්වා දුරදිග ගියේය.

Related posts

ඉදිරියට තව බදු

Admin

අයි.එම්.එෆ් ගැන කරන්න තාක්ෂණික කමිටුවක්

colombotoday

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඌවේදී පරාදයි !

colombotoday

ප්‍රසන්න රණවීරට විවෘත වරෙන්තු!

Admin

සුමන්තිරන්ට අලුත් තනතුරක්…

colombotoday

“ආයෙ ලංකාවේදී බැලූන් උඩ අරින්නෑ” – හුලං ගිය Google බැලුම ගැන ඇමති හරීන් කියයි

colombotoday