රාජපක්ෂ පාලන සමයේ රටට කළ සේවය කුමක්දැයි හිටපු ජනාධිපතිනී චන්ද්රිකා කුමාරතුංග මහත්මිය විමසයි.
තමන් අත්තනගල්ලට කළ සේවය ලීවොත් මාගල් වගේ ලිවීමට හැකි බවද ඇය කියා සිටී.
“රාජපක්ෂගේ අවුරුදු නවයේ ජනතාවට මොකක්ද කලේ කියල මං අහන්න කැමතියි. යුද්දෙ දිනුවලූ. රාජපක්ෂ මහත්තයද යුද්දෙ දිනුවෙ. යුද්දෙන් තුන්කාලක් දින්නෙ මගෙ ආණ්ඩුවෙන්. මුළු උතුරම කොටි අල්ලගෙන හිටියෙ මං එනකොට. කිලිනොච්චි මුලතිවු විතරයි ඉතුරු වෙලා තිබුනෙ. ඒ ටික විතරයි රාජපක්ෂ දිනුවෙ’ යයිද ඇය පවසයි.
හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පලකළේ වේයන්ගොඩ පැවති ජන හමුවක් අමතමිනි.