Colombo Today Local News

කැබිනට් මාද්‍ය හමුවේදී කියා ඇත්තේ අලි බොරුවක්.. 03 දා එනවා කී පොහොර නැව තාම නෑ

මෙට්‍රික් ටොන් 40,000ක පොහොර නැවක් පාකිස්තානයේ සිට පෙරේදා(03දා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවට එදින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකයන් පැවසුවද, එවැනි නැවක් දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ.

පෞද්ගලික අංශයේ සමාගමක් විසින් ඇණවුම් කර තිබුණු පොහොර නැවක් එදින පැමිණීමට නියමිතව තිබුණු බවත්,රජය පැවසූ පරිදි එය දිවයිනට පැමිණ නොමැති බවත් අප කළ සොයාබැලීමකදී අනාවරණය විය.

මේ සම්බන්ධව කළ විමසීමකදී ලංකා පොහොර සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී පී.ආර්.සමරවීර මහතා සඳහන් කළේ පෙරේදා දිනයේදී එවැනි පොහොර නැවක් දිවයිනට පැමිණ නොමැති බවත්,රජය ඉල්ලුම් කර ඇති පොහොර නැවක් ඩුබායිහි සිට ලබන ඉරිදා දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බවත්ය.

එම නැවේ පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන එන බවත්, ලංකා පොහොර සමාගමට පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් සහ කොමර්ෂල් පොහොර සමාගමට මෙට්‍රික් ටොන් 20,000ක් වශයෙන් ඒවා ලබාගෙන සඳුදා දිනයේදී ලොරි මගින් දිවයින පුරා බෙදාහරින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව වරාය අධිකාරිය සමග ඊයේ (04දා) දිනයේදී සාකච්ඡාවක් පැවැත්වූ බවද සමරවීර මහතා පවසා සිටියේය.

ada.lk

Related posts

හෙළ සිනමාවේ මහා සිනමාවේදියා ආචාර්ය ලෙස්ටර් දිවි ගමන නිම කරයි

colombotoday

කටාර්හි වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් මරුට

colombotoday

පියා දුන් දඬුවමට හිත රිදුණු දියණිය සියදිවි නසා ගෙන

Admin

“ප්‍රභාකරන් වැඩි කාලයක් ඇසුරු කිරීමට නොලැබීම ගැන කණගාටු වෙනවා” – එරික් සෝල්හයිම්

colombotoday

රටම කැලඹු පැනයකට මානව හිමික‍මෙන් ලැබුණු මාධ්‍ය නිවේදනය..

colombotoday

රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද

colombotoday