Colombo Today Local News

පලස්තීනයට හුරේ දාන්න ගිය පළිය ඇමරිකාව ගනී.. GSP සහනය කපා දමයි.. ලංකාව ලෝක අමාරුවක වැටේ !

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී තිබූ GSP බදු සහන මෙම දෙසැම්බර් මස 31 වැනිදායින් පසු නැවත දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ඇමරිකාව විසින් ගෙන ඇති මෙම තීරණය ශ්‍රී ලංකාව මෙන්ම එම බදු සහනයෙන් ප්‍රතිලාභ ලැබූ අන් රටවලටද බලපායි.

ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදුකර ඇත්තේ ඇමරිකාවට වන අතර, GSP සහනය මගින් එම අපනයන නිෂ්පාදනවලට කිසිදු තීරුබදු අය කිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට අවස්ථාව ලබා දී තිබිණි.

මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් ලැබෙයි. (හම්බන්තොට වරාය චීනයට ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 1.1කටයි)

රෙදි පිලි, රබර් නිෂ්පාදන, විසිතුරු මසුන් ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රි ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබන අතර එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක ආදායමක් ලැබේ. එය හම්බන්තොට වරාය චීනයට ලබා දී ගත් මුදල මෙන් දෙගුණයකටවත් වැඩිය. 2016 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 2.8ක භාණ්ඩ අපනයනය කර තිබේ.

GSP බදු සහනය අහිමිවීමත් සමග තීරුබදු ගෙවමින් සෙසු රටවල නිෂ්පාදන සමග තරගකරමින් ඇමරිකානු වෙළදපොලට භාණ්ඩ අපනයනය කිරීමට මින් පසුව ශ්‍රී ලංකාවට සිදුවේ.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ ප්‍රකාශයට එරෙහිව එක්සත්ජාතීන්ගේ සංවිධානය වෙන ගෙන ආ යෝජනාවට පක්ෂය ඡන්දය ලබා දුන් රටවල් පිළිබදව අවධානයෙන් සිටින බවත් එම රටවලට  ලබා දී තිබූ ආධාර කපා දමන බවට ඇමරිකාව විසින් නිවේදනය කර තිබිණි.

ශ්‍රී ලංකාවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

Related posts

ජනපති නිල මෙහෙවර ගාල්ලට… විවාහ නොවූ පවුල් 49ක් ලියාපදිංචි කෙරේ

colombotoday

“සංහිදියාව යනු ස්වෙච්ඡාවෙන් යටත්වීම නෙවෙයි.. මේක යක්ෂ සංහිදියාවක්“ – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

සංවර්ධනයේ මුවාවෙන් ඓතිහාසික වටිනාකමින් යුත් නුග ගසක් කපයි…

colombotoday

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට රජයේ අවධානය

colombotoday

අගමැතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

colombotoday

පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

colombotoday