Colombo Today Local News

භූත බියකින් යාපනය තැතිගනී.. එකම පවුල් දාමයක 09ක් හදිසියේ මියගිහින්.. අදත් ළමයෙක් මැරිළා !

යාපනය නගරාසන්න වැසියෝ සියලු දෙනාම මේ දිනවල භූත බලවේගයක්‌ පිළිබඳව පැතිර යන ආරංචියක්‌ නිසා බියට පත්වී සිටිති.

ඉතාම කෙටි කලක්‌ ඇතුළතදී යාපනයේ එකම පවුල් දාමයකට අයත් පුද්ගලයන් 09 දෙනකු හදිසියේම මිය යෑම මීට හේතුවී තිබේ. ඔවුන් යාපනයේ කුඩා පරිමාණයේ වෙළෙඳ කටයුතුවල නිරතව සිටි පවුල් දාමයකි.

එසේ මියගිය පුද්ගලයන් 9 දෙනා අතර කාන්තාවන් 4 දෙනකු හා කුඩා ළමයින් දෙදෙනකු ද සිටින අතර ඔවුන් මිය යැමට හේතුව පැහැදිලි වශයෙන් ප්‍රකාශ කිරීමට යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරුන් ද අසමත් වූ බව යාපනයේ වැසියෝ පවසති.

මේ නිසා ඔවුන් මියගියේ භූත බලවේගයක්‌ නිසා බව යාපනයේ වැසියන් මෙන්ම යාපනයේ මාධ්‍ය ද වාර්තා කොට තිබීමෙන් යාපනයේ වැසියන්ගේ බිය දෙගුණ තෙගුණ වී තිබේ.

කෙසේ වෙතත් වෛද්‍ය අංශ පවසන්නේ මෙලෙස පුද්ගලයන් මිය යෑමට හේතුව හදුනා නොගත් උණ රෝගයක් බවයි. අද 27 දිනයේද යාපනය ශික්ෂණ රෝහලේදී නිශ්චිතවම හදුනා නොගත් මෙම උණ රෝගය නිසා 8 හැවිරිදි දරුවෙකු මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කොළඹ සිට එම පළාතට ගොස් පරීක්ෂණයක්ද ආරම්භ කොට තිබෙන බවද වාර්තා වේ.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරන්න අයදුම්පත් කැඳවයි

Admin

ඇලෝසියස්ගේ දුරකථන දත්ත වාර්තාවෙන් අගමැතිගේ අංකයත් මතුවෙයි !

colombotoday

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Admin

විශ්වාසභංගයෙන් පසු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් !

colombotoday

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

මාස තුනක ණය හා පොලී ගෙවීමට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගනී

colombotoday