Colombo Today Local News

පාර නුවරට… සල්ලි ගෙදරට !

අධිවේගි මාර්ගයේ කිලෝමීටරයක් හදන්නට කෝටි 450 ක් වියදම් වන බවත් අධිවේගී මාර්ගය මීරිගම පොතුහැර හරහා ගලගෙදරට යන විට එම මාර්ගයේ සල්ලි පැලවත්ත හරහා අපේගම කිරිඇල්ලගේ ගෙදරට ගොස් ඇති අතර, පාර නුවරට – මුදල් ගෙදරට යන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසයි.

අනුර කුමාර දිසනායක මහතා මේ බව පැවසුවේ, කිරිබත්කුඹුරේදී ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“ලක්ෂ 45 ක් යනව මීටරයකට හොරකම් නතර කරන්න ආපු ආණ්ඩු ජනතාවට මෙතරම් වංචා කරනවද? බැඳුම්කර වංචාව මගින් වසරක ලාභය රුපියල් කෝටි 530 රුපියල් 1000 නෝට්ටුවලින් ගෙන එකතු කළහොත් ගඩොල් පෝරණු දෙකක් තරමට විශාලයි. කෝටි 530 යි කියන එක සරලයි නමුත් බලන්න මම ඔයාලට කියන්නම් මේ වංචාව තේරෙන විදිහට.

ලක්ෂයකට 1000 කොල 100 යි. කෝටියකට 1000 කොල 10,000 යි. සාමාන්‍යයෙන් 1000 කොළ 500 ක් බන්ඩල් ගැහුවොත් ගඩොල් කැටයක ප්‍රමාණයක් එතකොට 1000 කොළ 500 බන්ඩල් 20 ක් වෙනවා කෝටියකට එතකොට එතැන පෙනුම ගඩොල් කැට 20 ක් විතර පෙනුම. එතකොට රුපියල් කෝටි 530 ක් කියන්නෙ ගඩොල් කැට 10 600 ක්, ඒ කියන්නෙ ගඩොල් පෝරණු දෙකක් 1000 කොළ. පේනවද රටට කරල තියෙන විනාශය. අර්ජුනගෙ ලාභය ගඩොල් පෝරණු දෙකක් වගේ ඒක රටටම කරපු මහ විනාශයක්.” යැයි පවසා සිටියේය.

Related posts

උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් නොදුන්නොත් ලොකු ප්‍රශ්න ඇති වෙයි.. TNA තර්ජණය කරයි

colombotoday

අල්ලස් ගත් හිටපු පොලිස් සැරයන්වරයෙකුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

colombotoday

මන්ත්‍රී පියල් නිශාන්ත මාධ්‍ය හමුවේ බොරු කියයි…

colombotoday

සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය

colombotoday

එක පැත්තක් විතරක් නෙවෙයි.. අද රටේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා – මල්වතු මහානාහිමි

colombotoday

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

colombotoday