Colombo Today Local News

පොහොට්ටුවේ 4ක් ඇතුළු පක්ෂ 15ක නාම යෝජනා 18ක් විසිවෙයි !

පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දෙවන අදියර යටතේ නාමයෝජනා කැදවූ පලාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර කිහිපයක් ප්‍රතික්ෂේප වී තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ආර්.එම් වන්නිනායක මහතා පවසයි.
පක්ෂ ලේකම්වරයාගේ අත්සන සහතික නොකිරීම හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බව ඔහු සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04 ක් සඳහා ලබාදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
ඒ අනුව යාපනය මහ නගර සභාව, වලිකාමම් උතුර, වලිකාමම් නැගෙනහිර සහ ඩෙල්ෆ් යන ප්‍රාදේශීය සභා සඳහා පොදුජන පෙරමුණ ලබාදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත.
වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය, නියමිත කාන්තා නියෝජනය නොමැති වීම හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා කියා සිටියේය.
දික්වැල්ල ප්‍රාදේශීය සභාව සඳහා මව්බිම ජනතා පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ බව ද ඔහු සඳහන් කළේය.
කොළඹ මහනගර සභාව සඳහා ජාතික ජනතා පක්ෂය ලබාදුන් නාමයෝජනා පත්‍රය අපේක්ෂකයන් නියමිත සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් ප්‍රතික්ෂේප වී තිබේ.
ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සඳහා එක්සත් සමාජවාදී පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ ද අපේක්ෂකයින් නියමිත සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහන් කර තිබී හේතුවෙන් ප්‍රතික්ෂේප  කර ඇති බව වාර්තා වෙයි.

Related posts

මාර්ග අධිකාරියට උපදේශකයෝ 45ක්.. පක්ෂෙට වැඩ කරපු නිසා තනතුරු දුන්නා – ඇමති කිරිඇල්ල

colombotoday

වෙන්නප්පුවේදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරයි

colombotoday

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට ලබාදුන් විශේෂ පොලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තීරණය කරයි

colombotoday

මට වහ බොන්න හිතෙනවා – චන්ද්‍රිකා

colombotoday

NGO බලපෑමට ජනපති සැලෙයි.. යුද හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කෙරේ.. ඩයස්පොරාවෙන් ප්‍රීති ඝෝෂා !

colombotoday