Colombo Today Local News

මාර්ග අධිකාරියට උපදේශකයෝ 45ක්.. පක්ෂෙට වැඩ කරපු නිසා තනතුරු දුන්නා – ඇමති කිරිඇල්ල

kiriel55මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරුන් ලෙස 45 දෙනකු පත්කර ඇති බවත් මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරදීමට සහය දුන් අයට අවස්ථාවක් ලබාදිය යුතු නිසා උපදේශක තනතුරු පිරිනැමූ බවත් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.

රුපියල් 25000ක වැටුපක් හා රුපියල් 40000ක ගමන් වියදම් දීමනාවක් යටතේ මෙම උපදේශකයින් බඳවා ගත් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි

කිරිඇල්ල මහතා –
ඔබ දැනගත යුතුයි මහනුවර අපි ජනාධිපතිවරණයේදී ඡන්ද 81,000කින් දිනුවා. මහ මැතිවරණයත් ඉහළින්ම ජයගත්තා. අපට ජයග්‍රහණය අත්කර දුන් අයට අවස්ථාවක් ලබාදීම අපගේ වගකීමක්.

නලින්ද ජයතිස්ස මහතා –
නිමල් චන්ද්‍රසිරි නමැත්තකුට උපදේශකකමක් ලබාදීලා. ඔහු සාමාන්‍ය පෙළ පමණයි සමත්. උපදේශක තනතුරු මෙහෙම අයටද දෙන්නේ? ප්‍රාදේශීය සභාවක විපක්ෂ නායක කෙනෙකුටත් උපදේශකකමක් ලබාදීලා. ඔහු සාමාන්‍ය පෙළ පමණයි සමත්.

කිරිඇල්ල මහතා – ඒවා අතිරේක සුදුසුකම්. සම්මුඛ පරීක්ෂණයකට කැඳවලයි මේ තනතුරු දුන්නේ.

නලින්ද ජයතිස්ස මහතා – නුවර අරුප්‍පොලවත්තේ සමින්ද සමරසූරිය, සිරිල් සමරසූරිය එකම පවු‍ලේ එකම ගෙදර එකම ලිපිනය.

මේකද යහපාලනය? ඔය ප්‍රතිපත්ති අගමැතිවරයා පිළිගන්නවාද?

Related posts

ඊයේ විරෝධතා වලින් 84ක් තුවාල ලබා රෝහලට

colombotoday

මහා සංඝරත්නය පිටකොටුවේ සත්‍යග්‍රහයක් අරඹයි – විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරෝධතා පෙළපාලියකින් කොළඹට

colombotoday

සන්ෂයින් සුද්දා ඝාතනයට අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවට

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත නීතිපතිට

Admin

අඩි 279ක් උස ඩෙවෝන් දිය ඇල්ලෙන් පහලට වැටුනු තරුණියක් සොයා මෙහෙයුම්

colombotoday

මහින්දගේ ආශිර්වාදයෙන් ගෝඨාභය රාජපක්ෂ 2020 ජනපති සටනට !

colombotoday