Colombo Today Local News

“නාමල්ගෙන් උපදෙස් ගන්න මම දේශපාලන බබෙක්ද” – හිටජු ජනපති

තම පුත‍්‍රයා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂගෙන් උපදෙස් ගැනීමට තරම් තමන් දේශපාලක බබෙකු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු සදහන් කරන්නේ එක්ව මැතිවරණයට තරග කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පැවති සාකච්චා සාර්ථක නොවූයේ කිසිවකුගේ බලපෑම් කල නිසා නොව ඒකාබද්ද මන්ත්‍රී කණ්ඩායමේ බහුතර තීරණය මත බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම තීන්දුව ගන්නැයි හිටපු ජනාධිපතිවරයාට බලපෑම් කලේ යයි ශ‍්‍රීලනිප ඇමතිවරුන් විසින් එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කීවේ 1967 සිට තමන් දේශපාලනය කරන බවත් නාමල්ගෙන් උපදෙස් ගැනීමට දේශපාලන බබෙකු නොවන බවත්ය.

කෙසේ වෙතත් මැතිවරණයෙන් පසුවද පාර්ශවයන් දෙක එක් වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීම සම්බන්ධයෙන් කර ඇති යෝජනාව ගැන ඔහු සදහන් කරන්නේ එය තීන්දු කළ යුත්තේ ශ‍්‍රීලනිප නායකත්වය මිස තමා විසින් නොවන බවය.

රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙම වැතිවණයේදී තම කණ්ඩායමේ ශක්තියත් ජනබලයත් සියළු දෙනාට බලාගත හැකි වනු ඇති බවයි.

Related posts

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාරයේ සිට ලියූ විශේෂ ලිපිය

Admin

“ගූගල් ලූන් යන්න ගියා.. වෙනත් විකල්පයක් හොයනවා“ – ඩිජිටල් ඇමති හරීන්

colombotoday

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday

සියළුම ආපනශාලා අහාර මිල ඉහළ දමයි

colombotoday

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

වොක්ස්වාගන් කාර් කම්හල අරින්න කුලියාපිටියෙන් ඉඩමක් වෙන් කරයි

colombotoday