Colombo Today Local News

කෝටි 82ක් වැඩියෙන් ගෙවා පොහොර ගෙන්වීමේ සූදානමක් !

අන්තර්ජාතික වෙළෙඳපොළේ දැනට පවතින මිලට වඩා මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 76ක් වැඩිපුර ගෙවා යූරියා මෙට්‍රික් ටොන් 72,000ක් හදිසියේ මිලට ගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි.

අන්තර්ජාතික වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් 240කට ග්‍රැනියුලර් යූරියා ටොන් එකක් මිලට ගැනීමට තිබියදී මේ ටොන් 72,000 මිලට ගන්නට යන්නේ එක ටොන් එකක් ඩොලර් 316 බැගිනි.

වාර්තාවන අන්දමට මේ යූරියා තොගය මිලයට ගන්නට යන්නේ ඩුබායිහි සී/ ස ඇග්‍රි කොමඩිටීස් නමැති සමාගමකිනි. එසේ මිලට ගන්නට යන්නේ මිල ගණන් කැඳවීමකින් තොරව බවද වාර්තා වේ.

මේ මිලදී ගැනීමෙන් ඇමෙරිකානු ඩොලර් 5,47,200ක් වැඩිපුර ගෙවීමට සිදු වේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 82ක් ඉක්මවනු ඇත.

මේ පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආනයනය කරනු ලබන්නෙ රජයේ පොහොර සමාගම් දෙක වෙනුවෙනි.

ශ්‍රී ලංකාවට පොහොර සපයන පෙර සුදුසුකම් ලැබූ සමාගම් මේ පොහොර ජාවාරම ගැන වහාම පරීක්ෂණයක් කරන්නැයි ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇතැයිද වාර්තා වේ.

මෙවර කන්නයේ වී වගාකරුවන් දැඩි පොහොර හිඟයකට මුහුණ පා සිටින බව දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.

(මව්බිම)

Related posts

හිටපු ඇමති කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

අඩු ආදායම් ලාභීන්ට නිවාස සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

Admin

ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා

colombotoday

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අනු කමිටුවෙන් නිර්දේශ 25 ක්

Admin

මගීන් 4ට අඩුවෙන් පටවාගෙන නගරයට ආවොත් අමතර ගාස්තුවක් ගෙවන්න වෙයි!

colombotoday

ජිනීවා වාර්තාව තරම් පරණගම වාර්තාව දරුණු නැත. හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය.

colombotoday