Colombo Today Local News

මාස් පතා සහල් ටොන් ලක්ෂය බැගින් රටින් ගෙන්වීමට අගමැති කමිටුව තීරණය කරයි !

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය බැගින් මාසිකව ආනයනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක සභාව තීරණය කරයි.

මේ අතර 2017/18 මහ කන්නයෙන් හා 2018 යල කන්නයෙන් ලැබෙන වී අස්වැන්න පිළිබඳ පුරෝකතනයක් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයෙන් සිදු කිරීමට නියමිත අතර එම පුරෝකතනය මත අවශ්‍ය තරම් වී නිෂ්පාදනයක් වෙළෙඳපොළට ලැබෙන තෙක් මසකට සහල් මෙ.ටොන් ලක්ෂය බැගින් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙ.ටොන් 24 ලක්ෂයක් පමණ වේ. මෙම වසරේ දී මේ වන තෙක් සහල් මෙ.ටොන් 670, 000ක් පමණ ආනයනය කර ඇත. එය වාර්ෂික පරිභෝජනයෙන් 30%ක් පමණ වේ. ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු දක්වා හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට ඕනෑම පෞද්ගලික වෙළෙඳ ආයතනයකට සහල් ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ආනයනික සහල් මත පනවා තිබූ කිලෝ ග්‍රෑම් එකකට ශත 25 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දේ වලංගු කාලය 2018 වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.

Related posts

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

විජයග්‍රහණයේ පෙළපාලිය අවලංගු කිරීම ආණ්ඩුවේ නිවටකමක් !

colombotoday

අගමැති රකින කෙනා මෙන්න

colombotoday

“සිංහලේ රට” සුද්දන්ට සිලෝන් වූ හැටිත් ප්‍රභාකරන්ට ඊළම වූ හැටිත් ගම්මන්පිල පහදයි [Video]

colombotoday

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

colombotoday

අය වැයෙන් වෙන්කල මුදල් මැතිවරණ කොමිසමට නොදීමට එරෙහිව පෙත්සමක්

Admin