Colombo Today Local News

ජනපති ප්‍රධානත්වයෙන් සර්වාගමික සමුළුව කොළඹදී !

සර්ව ආගමික සහජීවන සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

අමරපුර නිකායේ මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ ගරු ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, රාමඤ්ඥ නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය අත්තන්ගනේ සාසනරතන හිමි, ප්‍රමුඛ මහා සංඝරත්නයද හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගමික නායකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අමාත්‍ය මනෝ ගනේෂන්, සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරින් පිරිසක්ද ඊට එක්ව සිටියහ.

Related posts

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම අද..

colombotoday

සංඝරාජ මාවතේ ආපනශාලාවක් ගිනිගනී.. පුද්ගලයෙක් මරුට

colombotoday

වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලා කල්මුනේ හර්තාල්… තෙදිනක නෝම්බි උපවාසයකුත් අරඹයි !

colombotoday

ඌවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට විශේෂ කමිටුවක්…

colombotoday

“හම්බන්තොට චීනයට දි ගත් සල්ලිවලින් පුංචි වරායවල් සංවර්ධනය කරනවා” – වරාය ඇමති

colombotoday

මලික් ගෙතු බොරු සියල්ල මහින්දානන්ද එකින් එක දිගඅරියි.. මලික්ට කට උත්තරත් නැති වෙයි. Video

colombotoday