Colombo Today Local News

මානව හිමිකම් උල්ලංඝනය වන ලොව දූෂිතම රටවල් හතරෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්වෙලා – රදගුරු වින්සන් ප්‍රනාන්දු

මානව හිමිකම් සුරක්‍ෂිත කිරීමේදී අයිතීන් රැක ගැනීම මෙන්ම මානව අයිතීන් උල්ලංඝනය වීමේදී හඬනැඟීම ඉතා වැදගත් යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති රදගුරු ආචාර්ය වින්සන් ප්‍රනාන්දු පැවැසූහ.

දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයට ලොව සියලු රටවල් කිසිදු අකැමැත්තකින් තොරව අස්සන් කළ නමුත් රටවල් රැසක් මානව හිමිකම් උල්ලංඝනය කරන බව මානව හිමිකම් දිනය නිමිත්තෙන් පෙරේදා (10දා) මහනුවර යහපත් එ‍ෙඩ්රාගේ කන්‍යාරාමයේ පැවැති සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළහ.

මහනුවර මානව හිමිකම් කාර්යාලය මේ උත්සවය සංවිධානය කර තිබිණි.
මානව හිමිකම් උල්ලංඝනය වන ලොව දූෂිතම රටවල් හතරෙන් එකකට ශ්‍රී ලංකාව මේ වන විට පත්වී ඇති බව කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කරන බව කී රදගුරු ආචාර්ය වින්සන් ප්‍රනාන්දු හිමිපාණන් වහන්සේ මෙසේද පැවැසූහ.

සෑම රටක්ම මානව හිමිකම් පිළිගැනීම ලෝක ජනතාව ලැබූ ජයග්‍රහණයක්. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන සියලු අංශ මානව හිමිකම්වලින් පාලනය විය යුතුය යන පොදු පිළිගැනීමක් තිබෙනවා. නමුත් ගැටලුවක් වන්නේ සෑම රටක්ම එය ඒ අයුරින් ක්‍රියාත්මක නොකිරීමයි. ශ්‍රී ලංකාවේද සිදුවන්නේ එවැන්නක්.
අම්පිටිය, දලුක්ගොල්ල රජමහ විහාරවාසී පූජ්‍ය ඇටිපොළ මංගල හිමි, මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ නන්දන මනතුංග පියනමද මෙහිදී අදහස් පළ කළහ.
මානව හිමිකම් අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරීව දායකත්වය දැක්වූ මහනුවර අංකුඹුරේ පදිංචි චමිල බණ්ඩාර තරුණයාද, නිකොලා එමැනුවෙල් කන්‍යා සොයුරිය සහ නීතිඥ එර්මියා ටේගල් මහත්මියද මෙහිදී සම්මානයට පාත්‍රවූහ.

Related posts

නාමල් ඇතුළු හයකට නඩු…

colombotoday

පේරාදෙණියේ චමෝදි සංදීපනීගේ මරණයට හේතුව තහවුරු කරන්න ඇමති විශේෂඥ කමිටුවක් පත් කරයි

Admin

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්…

colombotoday

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සාකච්ඡා කළා – ජනපති

colombotoday

මන්ත්‍රීවරුන් හෝ අමාත්‍යවරුන් නොවන අයගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 5400ක් ඉන්න තැන් සොයයි

Admin

තොරතුරු සගවන, තොරතුරු දැනගැනීමේ පනතේ ඇත්ත ඇති සැටියෙන් මෙන්න

colombotoday