Colombo Today Local News

“වල්බූරු සංහිදියාව” විශ්වවිද්‍යාලයටත් රිංගයි.. එක් අයෙකුට ආගම අදහන්න දෙසීයකට විභාගය ප්‍රමාද කරවලා !

කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය මගින් පවත්වන “ශ්‍රම අධ්‍යාපනවේදී ” උපාධි පාඨමාලාවේ පළමු සෙමෙස්තරයේ පරීක්ෂණ මේ දිනවල පැවැත්වේ.

විභාගය පැවැත්වූ සෑම දිනකම නියමිත පරිදි පස්වරු 1ට විභාගය ආරම්භ වුවත් පසුගිය සිකුරාදා දින පෙර දැනුම් දීමකින් තොරව හදිසියේ ප්‍රමාද වී විභාගය ආරම්භ කර ඇති අතර, විභාග ශාලාවට පැමිණි නිලධාරිනියක සදහන් කර ඇත්තේ මුස්ලිම් සිසුන් පල්ලි ගිහින් එනතුරු විභාගය ප්‍රමාද කිරීමට සිදුවන බවයි. නියමිත වේලාවට විභාගය ආරම්භ කළොත් ඔවුන්ට අසාධාරණයක් සිදුවන බවද එම නිලධාරිනිය සදහන් කර ඇත.

කෙසේ වෙතත් එම විභාගය සදහා පෙනී සිට ඇත්තේ එක් මුස්ලිම් සිසුවෙක් පමණක් වන අතර, එක් අයෙකු වෙනුවෙන් විභාගය නියමිත වේලාවට ආරම්භ නොකර ප්‍රමාද කිරීම නිසා විභාගයට මුහුණ දුන් අනෙකුත් සිසුන් දෙසීයකට වැඩි පිරිසක් දැඩි අපහසුතාවකට සහ ආතතියට පත් වූ බව සිසුහු පවසති.

සංහිදියාව යැයි කියමින් නීති, රීති පවා කඩ කිරීමට අමනෝඥ බලධාරීන් පෙළඹී සිටින බවත්, “සංහිදියාව” සුළුතරයකගේ උවමනාවන් වෙනුවෙන් බහුතර පිරිසක් අසාධාරණයට, අපහසුතාවට ලක් කරන “වල්බූරු සංහිදියාවක්” බවට පත්ව ඇති බවත් අපහසුතාවට පත්වූ විශ්වවිද්‍යාල සිසුහු කියා සිටිති.

Related posts

සහරාන් ගැන කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් පොලීසියේ පරික්ෂාවට

colombotoday

නොරොච්චෝල බලාගාරයේ නීති විරෝධී ව්‍යාපෘතියකට රුපියල් කෝටි 12 ක් මහජන මුදල් වැය කරලා.

colombotoday

20 සම්මත කරන්න ඡන්දේ දෙන අයටත් ඇමතිධුර ?

colombotoday

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

colombotoday

දිවයින පුරා ඇති වූ ගැටුම්වලින් 219කට තුවාල

colombotoday

4 වැනිදා දියවන්නාවේ ආරක්ෂාව තරකෙරේ.. STF,කැරළි මර්ධනය කැදවයි.. මැති-ඇමතිලාත් සෝදිසි කරයි

colombotoday