Colombo Today Local Newsextremism & terrorism activities

එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

එඩේරමුල්ල “අක්බාර් ටවුන්” කිරීමට එරෙහිව රැස්වූ ජනතාව

ගම්පහ, එඩේරමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව තිබූ ග්‍රාමසේවා වසම් හයෙන්, හතරක් නව පළාත් පාලන කොට්ඨාස සීමා නීර්ණය අනුව අලුතෙන් පිහිටවූ “අක්බාර් ටවුන් ඡන්ද කෝට්ඨාසයට” අයත්වන ලෙස ගැසට් කිරීම හේතුවෙන් එඩේරමුල්ල ප්‍රදේශයේ යම්කිසි නොසන්සුන්තාවක් හටගෙන ඇත.

මෙයට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊයේ 7 එඩේරමුල්ල කතෝලික දේවස්ථානයට එක්ව සිටි අතර, නව සීමා නීර්ණයන් අනුව එඩේරමුල්ල නමින් හැදින්වූ තම ගම්මාන මින් පසු “අක්බාර් ටවුම” ලෙස හැදින්වෙන බව ඔවුන් කියා සිටියේය.

2017/2/17 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙලෙස නව කොට්ඨාස සීමා නීර්ණයන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව, එඩේරමුල්ල දකුණ, එඩේරමුල්ල නැගෙනහිර, පින්නමැද බටහිර, අක්බාර් ටවුන් යන ග්‍රාම නිලධාරී වසම් අලුතෙන් පිහිටවූ “අක්බාර් ටවුන්” ඡන්ද කොට්ඨාසයට අයත් වේ.

“අක්බාර් ටවුන්” යනුවෙන් හැදින්වූ මුස්ලිම් පවුල් 500කටත් අඩු පිරිසක් ජීවත් වූ ප්‍රදේශය නව ඡන්ද කොට්ඨාසයක් ලෙස නම් කර සිංහල පවුල් 4000කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන එඩේරමුල්ලේ ග්‍රාම නිලධාරී වසම් තුනක් එඩේරමුල්ලෙන් ඉවත් කර නව (මුස්ලිම්) ඡන්ද කොට්ඨාසයට එක් කිරීම තුළින් බහුතර සිංහල ජනතාව බලවත් අසාධාරණයකට ලක්ව සිටින බව ප්‍රදේශවාසීන් චෝදනා කරති.

මෙය අන්තවාදී ඇමතිවරයෙකු විසින් සුළුතර පිරිසකගේ ජාතිවාදී උවමනා වෙනුවෙන් සිදුකළ ක්‍රියාවක් බවත්, බහුතර ජනතාවක් සුළුතරයකගේ සංස්කෘතික ආධිපත්‍යයට නතු කිරීමේ උත්සාහයක් මේ තුළ පවතින බවත්, මේ හරහා ඉදිරියේදී පරිපාලනමය හා බරපතල ජාතිවාදී ව්‍යාකූලත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ප්‍රදේශයේ ආගමික නායකයෝ අවධාරණය කරති.

අති විශේෂ ගැසට් පත්‍රය මෙතැනින්

Related posts

ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට ගිය පී.සී ගේ වැඩ තහනම්

Admin

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නවතී

Admin

අද ඩොලරයේ වටිනාකම

Admin

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

රනිල් – මෝදි ගිවිසුමට අත්සන් තබයි.. ලංකාවේ ඉන්දියානු ක්‍රියාකාරකම් ගැන එකගතාවකට එයි !

colombotoday

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්

colombotoday