අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් 6කට එරෙහිව පනවන ලද සංචාරක තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ.
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති ට්‍රම්ප්ගේ සංචාරක තහනමට අනුමැතිය ලබා දුන්නේ, ඒ සම්බන්ධයෙන් එරට පහළ අධිකරණය මගින් පැනවූ වාරණ නියෝගය අහෝසි කරමිනි.
විනිසුරුවරුන් 9 දෙනෙකුගෙන් 7 දෙනෙකු ම සංචාරක තහනම බලාත්මක කළ යුතු බව නියෝග කළ අතර ඊට එරෙහි වූයේ, විනිසුරුවරුන් දෙදෙනෙකු පමණි.
චැඩ් රාජ්‍ය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව සහ යේමනයේ සිට පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් නීතිමය අභියෝගයන්ට මුහුණ පෑමට සිදුවනු ඇති.