Colombo Today Local News

මෛත්‍රී – මහින්ද සමගි කරවන්න ඇල්ලේ හිමියන්ගෙන් කොන්දේසි තුනක් !

කරුණු තුනක් සම්බන්ධයෙන් කොන්දේසි තුනකට ලිඛිතව එකග වන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගි කිරීමට තමන් වහන්සේ සූදානම් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් පවසයි.

මෙම සමගිය ඇතිකිරීම සදහා මැදිහත් වීමට නම් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීම, මහබැංකු බැඳුම්කර වංචාවේ චූදිතයන්ට නඩු පවරා දඬුවම් දීම, ජාතික සම්පත් විකිණීම නතර කිරීම සහ එය අධීක්ෂණය කිරීම සදහා දේශප්‍රේමී සිවිල් සමාජ ක්‍රියාධරයන් කිහිප දෙනෙකු පත් කිරීම යන ප‍්‍රධාන කාරනා තුනට දෙපාර්ශවය ලිඛිත පොරොන්දු ලබා දිය යුතු බවද උන් වහන්සේ සදහන් කරති.

මේ සදහා මෙරට ප්‍රධානම පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම සූදානමින් සිටින්නේ යයිද උන් වහන්සේ සදහන් කරති.

මීට කලකට පෙර මෛත්‍රී-මහින්ද හමුවක් සිදුවීමට තිබූ බවත් නමුත් එවන් එකඟතාවක් ඇති නොවීම නිසා දැන් වන විට රටට බොහෝ හානි සිදුව ඇති බවත් උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.

මේ අතර මෛත්‍රී – මහින්ද සමගි කිරිමට බලවත් උත්සාහයක නිරතව සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇතැයිද පැවසේ.

Related posts

රට යන්නේ ආපස්සටයි

Admin

ඉස්ලාම් අන්තවාදීන්ගේ සංස්කෘතික සංහාරයට එරෙහිවන්න.. යුනෙස්කෝව ලෝකයෙන් ඉල්ලයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු ලබා දෙන්න අංකයක් | සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

colombotoday

දේශපාලන අජාසත්තලා හෝ ජුදාස්‌ලා අපි ලග නැහැ – ඒකාබද්ධ විපක්‍ෂයේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – ඩලස්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පූරු අධිකරණයට!

Admin

ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවතට, පූජක ලොක්කා ළගදීම ලංකාවට

colombotoday