Colombo Today Local News

දේශපාලන අජාසත්තලා හෝ ජුදාස්‌ලා අපි ලග නැහැ – ඒකාබද්ධ විපක්‍ෂයේ කවුරුත් ආණ්ඩුවට යන්නේ නෑ – ඩලස්

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආණ්‌ඩුවට එක්‌නොවන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවැසීය.

අයවැයට එරෙහිව විශාල පීඩනයන් යටතේ දෙවරක්‌ම ඡන්දය දුන් ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිම මන්ත්‍රීවරයකු මෙවැනි පාවාදීමක්‌ සිදුකිරීමට සූදානම් නැතැයිද හෙතෙම සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන්නේ ඉතාමත් ශක්‌තිමත් කණ්‌ඩායමක්‌ බවත් ඒ කිසිවකු හීනෙන්වත් ආණ්‌ඩුවට එක්‌නොවන බවත් පැවැසූ ඩලස්‌ අලහප්පෙරුම මහතා ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන අජාසත්තලා හෝ ජුදාස්‌ලා නැතැයිද කීවේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ ආණ්‌ඩුවට එක්‌වන බවට කරන ප්‍රකාශ දේශපාලන ආබාධිතයන්ගේ උමතු ප්‍රකාශ බවද ඔහු සඳහන් කළේය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව නියෝජ්‍ය ඇමැති ධුර 6 ක්‌ ලබාදිය නොහැකි බවත් ලබාදිය හැක්‌කේ තවත් එක්‌ නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ පමණක්‌ බවත් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට නැවතත් ලියාපදිංචි විය හැකියි

colombotoday

“කවුරුන් ස්වාධීන වුණත් මිනිසුන්ගෙන් කන්න වුණොත් කන්න වෙන්නේ එකටම” | මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියටම

colombotoday

පොකුණකට වැටී 03 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

colombotoday

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි හරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin

නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවේ

colombotoday