ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් ඇතුළු පිරිසක් අද (26) යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ නිවස පිහිටි බව සැළකෙන ගෙවත්තේ කේක් කපා උපන්දින සැමරුමක් සිදුකර ඇත.
ප්රභාකරන්ගේ සමීපතම ඥාතියෙකු වන එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ එම වත්ත සුද්ධ පවිත්‍ර කර 63 සදහන් උපන් දින කේක් ගෙඩියක් කපා මෙසේ වෙළුපිල්ලේ ප්රභාකරන්ගේ උපන් දිනය සමරා ඇත.
මියගිය කොටි නායකයාගේ 63 වන උපන්දිනය යෙදෙන අද දිනයේ යාපනය විශ්ව විද්‍යාලයේ සහ ස්ථාන කිහිපයක සැමරුම් සංවිධානය කර තිබූ බව සදහන් වෙයි.