Colombo Today Local News

ගෝඨාභය අත්අඩංගුවට ගන්න නීතිපති අනුමැතිය.. අද හෙටම අත්අඩංගවට !

හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඉතා නුදුරේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරා රුපියල් මිලියන 90ක පාඩුවක් රජයට කැළැයි යන චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම කිරීමට යන බව පැවැසේ.

ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත්  රුපියල් මිලියන 90ක මුදලක්  අවභාවිතා කර ඇතැයි ලැබුනු පැමිනිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ තවත් පුද්ගලයින් කීප දෙනකුගෙන් මීට පෙර ප්‍රකාශ ලබාගෙන තිබුණි.

අඩු වියදමකින් ඉදිරිකිරීම් අවසන් කිරීම ආණ්ඩුවට ප්‍රශ්නයක් වී ඇති බවත් එය මුදල් අවභාවිතයක් ලෙස මෙම ආණ්ඩුව දකිනා බවත්  මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණි.

නීතිපතිවරයාද මෙම අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය දී ඇති බව ආරංචි මාර්ග කියයි.

Adaderana

Related posts

මහවිල මූකලාන රක්ෂිතයේ අක්කර 30ක වසර සිය ගණනක් ඉපැරණි ගස් කපා විනාශ කරයි

colombotoday

ජනතා නැගිටීම වළකන්න 3G හා 4G සබඳතා අවහිර කරන්න යනවා – හිටපු නි. ඇමති හර්ෂ

colombotoday

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසයි

colombotoday

“අයිස්’’ විකිණු වැලිකඩ පොලීස් කොස්තාපල්ට වැඩ වරදී

colombotoday

එක දිගට දින 28ක් ආසාදිතයෝ වාර්තා නොවුනොත් පාටි දාන්න අවස්ථාව දෙන්නම්

colombotoday

ගිලන් රථයක් තාපයක ගැටෙයි | රෝහල්ගත කළ සුව සේවකයාට කොවිඩ්

colombotoday