Colombo Today Local News

ෆයිසර් මුස්තාපා, බදියුදීන් ගාල්ලට.. ඇමති චන්දිමගේ වාහනයටත් ප්‍රහාරයක් !

ගාල්ල ගිංතොට ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගිංතොට ග්‍රාම සේවා වසම් කිහිපයකට මේ වන විටත් පොලිස් ඇදිරිනීතිය පණවා තිබෙනවා.

ඇතිවු ගැටුම්කාරී තත්ත්වය නිරීක්ෂණයට චන්දිම වීරක්කොඩි, ෆයිසර් මුස්තාපා, රිෂාඩ් බදුර්දීන් යන ඇමතිවරුන් ගොස් ඇති අතර, අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ ආරක්ෂක රථයකටද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සැගව සිටි මුස්ලිම් ජාතික පිරිස් විසින් මෙලෙස රථ වාහනවලට ගල් ප්‍රහාර එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය මේ වන විට ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

බස්නාහිර පළාතේ හෙට විවෘත වන පාසල්

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක්

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

colombotoday

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි චීනයෙන්

colombotoday

‘ඩෙල්ටා ප්ලස්’ නව වෛරස් ප්‍රභේද රට තුළට ඇතුල්වීමේ වැඩි ප්‍රවණතාවක්

colombotoday

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කරයි

colombotoday