Colombo Today Local News

ජනපතිව සුනු විසුණු කරන්න එජාපයෙන් මඩ මෙහෙයුමක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අන්තර්ජාලය හරහා දැවැන්ත මඩ මෙහෙයුමක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇතැයි ශ්‍රීලනිප ප්‍රබල ඇමතිවරයෙකු විසින් මෙහෙයවන සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කර ඇත.

එජාපයේ ඉහළම තැනක ප්‍රබලයකුගේ ලේකම්වරයෙකු විසින් හසුරුවන වෙබ් අඩවි පහක් හෝ හයක් මූලිකව මෙම මඩ මෙහෙයුම ආරම්භ කිරීමට නියිමිතව ඇති අතර, එම වෙබ් අඩවි සියල්ලම විදෙස් රටවල සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එම වාර්තාව පවසයි.

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් මේ වන විට එජාප නායක රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන ඇමතිවරුන්ට සෘජුවම චෝදනා එල්ල වී ඇති අතර එහි ඉදිරි පරීක්ෂණ කටයුතු අකර්මන්‍ය කිරීම සදහා මෙම මෙහෙයුම දියත්වන බවද එකි වාර්තාව මගින් හෙළිකර සිටී.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයද එහි වාසිය ගෙන ජනාධිපතිවරයා ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කරනු ඇති බවත්, අලුතින් පිහිටවූ පක්ෂයක සභාපතිවරයෙකු ඒ සදහා මුල් වී ඇති බවත් එම වාර්තාව මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා ඉලක්ක කරමින් දිගින් දිගටම පුවත් වාර්තා පලකළ එජාප හිතවාදී ලංකා ඊනිව්ස් වෙබ් අඩවියද පසුගිදා ජනාධිපති කාර්යාලයේ නියෝග මත මෙරට සිට පිවිසීම අවහිර කරන ලදි.

Related posts

සීතා කෝවිල හදන්න බෝධීන් වහන්සේ කපාදැමූ හිමිනමට මල්වත්තෙන් දැඩි දඩුවම්!

colombotoday

මන්ත්‍රී නිවාස සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්

colombotoday

ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Admin

දිය නාමින් සිටි සිසුවෙක් කිඹුලෙකුට බිලි

colombotoday

ඩෙංගු මර්දන සහායකයින් අඛණ්ඩ උපවාසයක

Admin

මිලියන 600ක ඉන්දු – ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත් වෙයි

colombotoday