Colombo Today Local News

තජුඩීන් නැවතත් කරළියට.. පරීක්ෂණ ඉක්මන් වෙයි.. CIDයට අධිකරණයෙන් නියෝගයක් !

සිය පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් අනාවරණය කරගත් රහස්‍ය තොරතුරු අනුව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ යැයි කියන සැකකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන පාලකවරයා, මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය ඇතුළු ආයතනවලින් තොරතුරු ලබාගෙන දීර්ඝ ලෙස පරීක්ෂණ සිදුකරන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටේ‍රාක්සි මහතාට වාර්තා කළේය.

ඝාතනයට ලක්වූ වසීම් තාජුඩීන් භාවිත කළ ජංගම දුරකථනයෙන් උපුටාගත් දුරකථන විස්තර ඇතුළු තොරතුරු වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයට ලබාදෙන ලෙසට එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විමර්ශන අංශයට නියෝග කළේය.

එම නඩුව ලබන 30 වැනිදා කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

හිටපු ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති අනුර සේනානායක හා ‍පොලිස් පරීක්ෂක සුමිත් ධම්මික පෙරේරා යන සැකකරුවන් දෙදෙනා ඊයේ (8) අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම නඩුවේ තෙවන සැකකරුලෙස නම් කොට තිබූ මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ඊයේ (8) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා රෝහල් ගතකර ඇති බවත් ඊළඟ නඩු දිනයේදී වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේය.

ලක්බිම

Related posts

ශ්‍රීලනිප යේ ආරාධනාව මහින්ද සතුටින් බාරගනී !

colombotoday

මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව නවත්වයි

Admin

ඩිජිටල්කරණයට ප්‍රවේශවීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතුයි – ජනපති

Admin

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නොදුන්නැයි ජපානයත් කනස්සල්ලෙන්

colombotoday

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

colombotoday

2015 අපි මහින්දට පල කීවා… අවුරුදු තුනක් යන්න කලින් අපි මෛත්‍රීපාලට කියනව දැන් පල

colombotoday