Colombo Today Local News

අපේ සීමාව ඉක්මවලා ඉවරයි.. වහාම මැදිහත් වෙන්න – සම්බන්ධන් දකුණු අප්‍රිකාවෙන් ඉල්ලයි

මෙරට ජාතික ගැටලුවට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කිරීමට දකුණු අප්‍රිකානු රජයට මැදිහත් වන්නැයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මෙරට සංචාරයක් සඳහා පැමිණි දකුණු අප්‍රිකානු රජයේ නියෝජිතවරියක වන රොෆිනා වර්ක්ස් මහත්මිය ඉකුත්දා පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.

දැන් අපි ඉවසීමේ සීමාව ඉක්මවලා. ඒ නිසා තවදුරටත් අපිට දේශපාලන කැපකිරීම් කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. අපි දැනටමත් දේශපාලනිකව විශාල කැපකිරීම් කරලා තියෙනවා. යැයිද සම්බන්ධන් මහතා මෙම හමුවේදී ප්‍රකාශ කර ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සංහිඳියා ක්‍රියාවලිය, වගවීමේ ක්‍රියාවලිය මෙරට වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී අදහස් හුවමාරු කරගෙන තිබේ

Related posts

ලොවපුරා රටවල්වලට කොවිඩ් එන්නත් ලබා දීමට අමෙරිකාවෙන් ඩො. බි. 2 ක මුදල් පරිත්‍යාගයක්

colombotoday

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

තලවාකැලේදී පාසල් සිසුවෙකුට පහරදී, අතේ “ටැමිල්“ කියා උල් කටුවකින් කොටලා..

colombotoday

“හමුදා ප්‍රකාශකගේ පැහැදිලි කිරීම හාස්‍යජනකයි” – ගම්මන්පිල

colombotoday

පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට…

colombotoday

බෝතල් කටු ඇනී මිය ගොස් සිටි දරුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

Admin