Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථා ක්‍රියාවලියට රතන හිමියෝත් එරෙහි වෙති

නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය මගින් ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරෙන බවත් තමන් මේ ක‍්‍රියාවලියට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ අද(25) පැවසූහ .

එමෙන්ම ඒ සම්බන්ධ පාර්ලිමේන්තු ඡන්ද විමසීම්වලදී තමන් එයට එරෙහිව ජන්දය ප‍්‍රකාශ කරන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ මාධ්‍ය හමුවකට අද (25) එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්ථාව විසංවාදී ලියවිල්ලක් බවත් ඉන් රට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වන බවත් රතන හිමියෝ එහිදී වැඩිදුරටත් පැවසූහ.

Related posts

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

ජමයතුල් උලමා සභාව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට අභියෝග කරයි. – වසා දැමීමට නියෝග කල මත්තබ් මද්‍රසා දිගටම පවත්වාගෙන යයි.

colombotoday

“කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහනව… මං තනියම, පුලුවන්නම් වරෙව්” – ප්‍රසන්නට පාර්ලිමේන්තුවේදී තද වෙයි

Admin

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin

ගාල්ල, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

කොස්ගම ඛේදවාචකය ගැන හිටපු ආරක්ෂක නිසි බලධරයා කතා කරයි

colombotoday