Colombo Today Local News

එජාප මන්ත්‍රී රන්ධීර් රොද්‍රිගු නිධන් කඩන්න ගිහින් මාට්ටු.. වෙඩි හුවමාරුවෙන් එක් අයෙක් මරුට

බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී රන්දීර් රොද්‍රිගු ඇතුළු පිරිසක් නිධානයක් කැඩීමට ගොස් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුව ඇති වෙඩි හුවමාරුවකින් පසු එක් පුද්ගලයකු මිය ගොස් ඇත.

මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ දිවුලපිටිය, හේන්පිටගෙදර පාසල ආසන්නයේදී වන අතර වෙඩි හුවහාරුවෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

ඔහු හිටපු නාවුක හමුදා සෙබලෙක්ද වෙයි. පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස ප‍්‍රදේශයේ නිධානයක් කැඞීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදුකර ඇත. පොලීසිය එම ස්ථානයට යද්දී ඔවුන් විසින් වෙඩි තබා ඇති අතර පොලීසියද වෙඩි තබා ඔවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මන්ත්‍රීවරයාගේ නිවසේ කළ වැටළීමකදී එහි තිබී ජීව උණ්ඩ 115ක්, වෙඩි නොවදින කබායක්, පිස්තෝල රඳවනයක් සොයාගෙන ඇති අතර මන්ත්‍රීවරයාගේ බිරිද ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රන්දීර් රොද්‍රිගු ඇමති ජෝන් අමරතුංගගේ සමීපතම ඥාතියෙකුද වෙයි.

Related posts

ආණ්ඩුව දෙවැනි දිනයටත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

වීරවංශ මැදුරේ මරණය ගැන නඩු තීන්දුව දෙයි.. කල්තියා තීන්දු දෙන්න ගිය රන්ජන්ට වැඩ වරදී (Video)

colombotoday

නොවැම්බර් ටෝකන් ඉවරයි හදිසි නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා

Admin

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා රුසියාවෙන් කබල් යුද නැවක් මිලට ගන්න යයි !

colombotoday

ලේ අවශ්‍යයි – ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්…

colombotoday

“බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු“ අගමැතිගේ රුව සහිත පෝස්ටර් රට පුරා..

colombotoday