චීන ණය ආධාර ලබා දීම ප්‍රමාද වීම නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නතර වී ඇතැයි වාර්තා වේ.
චීනයේ එක්සිම් බැංකුව (Exim Bank – The Export–Import Bank of China) මගින් ලංකාවට ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1 (රුපියල් බිලියන 158) ප්‍රමාණය මෙසේ තාවකාලිකව අත්හිටුවා තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර එම නිසා අතරමග නතර කර ඇති අතර මෙම ව්‍යාපෘතිය තුළින් සාදා නිම කිරීමට අපේක්ෂිත කිලෝ මීටර් ප්‍රමාණය 37.09 කි.