Colombo Today Local News

රට බෙදෙන ව්‍යවස්ථාව පරදන්න අපිත් එනවා.. උලමා පක්ෂයෙන් බොදු බලේට ලිපියක් !

රට දෙකඩ කිරීමට යන නව ව්‍යවස්ථාව සම්පාදන කටයුතු පරාජය කිරීමට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකමුතුවිය යුතු බවට වු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය මුස්ලිම් උලමා පක්ෂය ප්‍රශංසාත්මකව සළකමින් ඒ සදහා අවශ්‍ය සියළු සහයෝගය ලබාදීමට ඉදිරිපත්වීමට සුදානම් බවටත් එම පක්ෂයේ නායක මුබාරක් අබ්දුල් මජීද් මවුලවිතුමන් අවධාරණය කරයි

ඒ සම්බන්ධයෙන් මුස්ලිම් උලමා පක්ෂයේ නායක මුබාරක් අබ්දුල් මජීද් මවුලවිතුමන් විසින් බොදුබල සේනා සංවිධානය වෙත යවා ඇති ඊමේල් පණිවිඩයේ තවදුරටත් මෙසේ සදහන් කර ඇත.

පවතින ව්‍යවස්ථාව නිසි අයුරින් රජය ක්‍රියාත්මක කිරීමෙන් රටේ තිරසාර සාමයක් ගොඩනැගිය හැකි බවට අප අවධාරණය කරන්නෙමු.

අප රටේ පවතින ව්‍යවස්ථාවේ බෞද්ධ ආගම ඇතුළුව සියළු ආගම්වලට අයිතිවාසිකම් ලබාදී තිබේ. නීතිය කිසිවෙකුට හෝ අතට ගැනීමට හෝ ජාතිය පදනම් කරගනිමින් කිසිවෙකුගේ හෝ අයිතිවාසිකම් අහිමිකිරීමට නොහැකි බව නීතියෙන් තහවුරු කර තිබේ.

එහෙත් මේ තාක් කල් බලයට පත්වු සියළුම රජයන් ජාතිවාදී අයුරින් කටයුතු කොට තිබේ.

රටේ පුරවැසියන් හට තමන් කැමැති ප්‍රදේශයක ජීවත්වීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් සහතික කොට තිබුණාද, පැවැති රජයන් විසින් එක් ජනකොට්ඨාශයක් බහුතරව ජීවත්වෙන ප්‍රදේශයක තවත් ජනකොට්ඨාශයක් හොර රහසේ පදිංචි කරවීමට කටයුතු කිරීමෙන් ජාතීන් අතර නොසන්සුන් වාතාවරණයක් ඇතිවුණි. සියළුම ආගම්වලට සමාන අයිතියක් තහවුරු කර තිබුණද, එක් ජනකොට්ඨාශයක් පමණක් ජීවත්වන ප්‍රදේශයක තවත් ජනකොට්ඨාශයකගේ වන්දනාමානයට පාත්‍රවන පිළිමයන් රජයේ සහයෝගය ඇතිව ස්ථාපිත කිරීමට යාමෙන් ජාතීන් අතර ඝට්ටනයක් පවතී. ඒ වගේම එක් ආගමික විශ්වාසයන් පිළිබදව වෙනත් ආගමික භක්තිකයෙක් විවේචනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වුවද, එවන් විවේචනය කරන්නා මහ ජාතියට අයත් කෙනෙක් නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජයන් පසුබැසීම මගින් රටේ සාමය කඩවී නොසන්සුන් වාතාවරණයක් හටගනී.

එබැවින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුත් රජය මගින් ඉදිරිපත්කිරීමට යන නව ව්‍යවස්ථාව යනු රටේ යහපත උදෙසා ගෙනෙනා එකක් විය නොහැකිය. රට දෙකඩ කිරීමේ බටහිර කුමන්ත්‍රණවලට අනුබල දෙන අයුරින් එය සකස්කොට ඇති බවට සාධාරණ සැකයක් මතුවේ. උතුර හා නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීමට යාම, මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ, නව ව්‍යවස්ථාව වැනි කටයුතු කෙරෙහි මුස්ලිම් ජනතාවගේ අදහස් නොවිමසා, දෙමළ ජාතික සංධානය හා එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ පදය අනුව රජය නටන්නට යාමෙන් තේරුම් ගත හැකිය.

එබැවින් රට දෙකඩ කිරීමට යන නව ව්‍යවස්ථාව සම්පාදන කටයුතු පරාජය කිරීමට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකමුතුවිය යුතු බවට වු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියන්ගේ ප්‍රකාශය මුස්ලිම් උලමා පක්ෂය ප්‍රශංසාත්මකව සළකමින් ඒ සදහා පැවැත්වෙන රැස්වීම්වලට ආරාධනයක් ලැබුනහොත් සහභාගිවී සහයෝගය දැක්වීමට සුදානම් බවටත් එම පක්ෂයේ නායක මුබාරක් අබ්දුල් මජීද් මවුලවිතුමන් අවධාරණය කරයි.

Related posts

ඇමති සැප සමග නීතිය හා සාමය රැකීම ෆොන්සේකාට බාර දෙයි

colombotoday

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් තනතුරට ගෝලයෙක් පත්කරගන්න හිස්බුල්ලාගෙන් බලපෑම් !

colombotoday

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

colombotoday

එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට තැපැල් භාණ්ඩ ප්‍රවාහනය නවතයි

colombotoday

හයිබ්‍රිඩ් නෑ. පුංචි ඡන්දය කොට්ඨාස ක්‍රමයට

colombotoday

විල්පත්තුවේ වන සංහාරය නැවත අරඹයි – පොලිසියේ, වනසංරක්ෂණයේ අතපය බැඳලාද?

colombotoday