Colombo Today Local News

ජනපතිවරණ හංස පක්ෂයේ සභාපති විදුලියත් හොරට අරන් !

රාජගිරිය සිය නිවසේ විදුලි මනුව වෙනස් කර නීතිවිරෝධී ආකාරයෙන් විදුලිය ලබාගත් බවට ‘ලිට්රෝ’ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි 13 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (16දා) නියම කළේය.

විදුලි මනුව වෙනස් කර සිය නිවසට නීතිවිරෝධී ආකාරයෙන් විදුලිය ලබාගත් බවට විදුලිබල මණ්ඩලය විසින් ‘ලිට්රෝ’ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

තායිවාන් බැංකුවක වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී (හැක් කර) එම බැංකුවෙන් සිය බැංකු ගිණුමට රුපියල් කෝටි ගණනක මුදලක් ගෙන්වා ගන්නා ලදැයි කියන සිද්ධියකට අදාළව ‘ලිට්රෝ’ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

Related posts

කොළඹදී රු. මිලියන 7.5 ක තීරුබදු රහිත මත්පැන් ජාවාරම අනාවරණය

Admin

“ලොකුම මැයි රැළිය මහනුවරදී.. එනිසා පුද්ගලික ගමන් ඒ පැත්තෙ යන්න එපා“ – එස්.බී

colombotoday

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

colombotoday

ලක්ෂ තුනහමාරක් වටිනා සොරාගත් රන් මාලය ගිලලා..

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

රාජ්‍ය සේවක අනිවාර්ය විශ්‍රාම වයස 65 කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday