Colombo Today Local News

රාජිතගෙන් ඉගෙන ගන්න බිල් ගේට්ස් සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු එක පැයක් ඉල්ලයි !

ලෝ ප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු බිල් ගේට්ස් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන්.

ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය. බිල් ගේට්ස්ට බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සඳහා මෙම හමුව පැවැත්වෙනු ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාළ‍යෙන් පැයක කාලයක් ද බිල් ගේට්ස්ට වෙන් කර ලබා දී ඇති බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සාකච්ඡාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා ද සහභාගීවීමට නියමිත බව එම වාර්තාවේ සදහන් ය.

Related posts

මධුෂ්ට කෝටි 1000ක මුදල් සහ දේපළ

colombotoday

යුක්තිය ඉල්ලන කාදිනල් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත් කරන්න අත්සන් කරලා.- පනත ඉවත්කලොත් පාස්කු සැකකරුවන් නිදහස්.

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන්ට නොතිසි

Admin

කොරෝනා රෝගීන් තවත් ඉහලට

colombotoday

ගෝඨා මහින්ද මෛත්‍රී හදිසි සාකච්ඡාවක්‌

colombotoday

හරින්ගේ ගෝලයෝ බදුල්ලේදී අහිංසකයෙකුට තලයි

colombotoday