Colombo Today Local News

ජනමතවිචාරණයක් එයි.. මෛත්‍රී – රනිල් හවුල 2025 දක්වාම ආණ්ඩුකරන යෝජනා ඇතුළත්කර ව්‍යවස්ථාව සම්මතකරගන්න යයි !

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කර ගැනීම පිණිස පවත්වනු ලබන ජනමත විචාරණයට ජනාධිපති නිල කාලය දීර්ඝ කිරීම ඇතුළු තවත් කරුණු තුනක් ඇතුළත් කර ජනතා කැමැත්ත ලබාගැනීමට යයි.

පාර්ලිමේන්තු මැතිවරණය ආසන මට්ටමෙන් පැවැත්වීම, විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර 5කින් දීර්ඝ කිරීම යන කරුණු ජනමත විචාරණයට ඇතුළත් කිරීමට යන බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක්ම මේ වන විට පවත්වා ඇති බව වාර්තා වෙයි.

මේ අතර විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙහි තවමත් ඇතුළත් කර තිබීම දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් පවතින ආණ්ඩුව 2020න් එහාටත් පවතින බවට තැනින් තැන ප්‍රකාශ කිරීමද මේ අන්දමට ජනමත විචාරණය පැවැත්වීමට හේතු සාධක බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු කඩිනමින් අවසන් කර ජනමත විචාරණයකට යෑමට අපේක්ෂිත බැවින් මෙතෙක් මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් වී ඇති කරුණු පුරා දින තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී සාකච්ඡා කිරීමට දින නියම කර තිබේ.

ඒ අනුව මේ මස 27, 30 සහ 31 යන දිනයන්හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව දැනගන්නට ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා පැවැත්වෙන ජනමත විචාරණයට වෙනත් කරුණු ඇතුළත් කෙරෙන්නේ නම් යහපාලන ආණ්ඩුවේ කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු දැඩි ලෙස විරෝධය පළ කිරීමට තීරණය කර ඇති බවත් පූර්ව දැනුම් දීමකින් තොරව ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් පසුවන බවත් දැනගන්නට ඇත.

ජනමත විචාරණයේදී වෙනත් කරුණු 4ක් ඇතුළත් කිරීම සඳහා ආණ්ඩුව සමඟ සිටින සියලුම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර එකඟතාවට පැමිණීමට යන බවටද තොරතුරු වාර්තා වෙයි.

-මව්බිම

Related posts

“සිරිසේන – වික්‍රමසිංහ හවුලට වැඩ බෑ.. ජනතාව කබලෙන් ළිපට වැටුණා.. උලා කන්නයි දැන් වෙලා තියන්නේ” – ජවිපෙ

colombotoday

වෙළඳ නෞකාවක සිට රෝගී ඉන්දියානුවෙකු නාවික හමුදාව කොළඹ වරායට ගෙන එයි.

colombotoday

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට කිසිඳු පාර්ශවයකට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

colombotoday

“උතුරේ හමුදා කදවුරුවලින් පිටත කිසි තැනක බුදු පිළිම එපා“ ආරක්ෂක ලේකම් නියෝග කරයි

colombotoday

ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්

colombotoday

රියැදුරු බලපත්‍රයටත් QR කේතයක්

Admin