වරාය හා මත්තල ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව හම්බන්තොටදී ඊයේ (06දා) පැවිති විරෝධතාවේදී අත්අඩංගුවට පත් සැකකරුවන් 28 දෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
අධිකරණ නියෝග උල්ලංඝණය කිරීම, මහජන දේපලවලට හානි කිරීම ඇතුළු වැරදි ගණනාවක් සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.