29 C
Colombo
9 April 2025
Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථා මගෝඩියෝ ජනපතිවත් අන්දා රටත් නොමග යවන්න ගහන “ඒකීය” ගැටේ මෙන්න !

අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිනිය විසින් ශ්‍රීලංකාවේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වා දුන් අතර එහි 2 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස ” ශ්‍රීලංකා ජනරජය ඒකිය රාජ්‍යයකි” ලෙස සිංහල භාෂාවෙන් ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. එහි ඉංග්‍රිසි පරිවර්තනයේ සඳහන් කොට ඇත්තේ “The Republic of Sri Lanka is a Unitary State” ලෙසයි.

අගමැති ජේ ආර් ජයවර්ධන මහතා විසින් හදුන්වා දුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද 2 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස ” ශ්‍රීලංකා ජනරජය ඒකිය රාජ්‍යයකි” ලෙස ඉතා පැහැදිලිව සඳහන් කොට ඇති අතර එහි ඉංග්‍රිසි පරිවර්තනයේ සඳහන් කොට ඇත්තේ “The Republic of Sri Lanka is a Unitary State” ලෙසයි.

එබැවින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් ලෙස හදුන්වමින් ගෙන එනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. සමාන්‍යයෙන් එවෙනි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ප්‍රථම ජනාධිපතිවරයා වෙත මෙන්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට දැනුවත් කල යුතුය, එහෙත් එම කෙටුම්පත අනුව 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද 2 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස ” ශ්‍රීලංකා ජනරජය ඒකිය රාජ්‍යයකි” ලෙස ඉතා පැහැදිලිව සඳහන් කොට ඇති අතර එහි ඉංග්‍රිසි පරිවර්තනයේ සඳහන් කොට ඇත්තේ “The Republic of Sri Lanka is a Unitary State” ලෙස ඇති කොටස ඉවත් කොට ඒ වෙනුවට තෙලිඟු භාෂාව අනුව ඓකීය රාජ්‍ය Ikya Rajya යොදා ඉංග්‍රීසි අරුත සගවා සමස්ථ රටවැසියා මුලා කොට ඇත.

එහෙත් පසුගිය දා අම්පාර විහාරස්ථානයක පෑවති උත්සවයකදි ජනාධිපතිවරයා පෑවසුවේ අවම වශයෙන් මෙම කෙටුම්පත එතුමා දැකලාවත් නොමැති බවයි. මේ අනුව පැහැදිලි වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අවම වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් නොකොට හෝ එහි සිංහල කෙටුම්පත පමණක් පෙන්වා ඉංග්‍රීසි කෙටුම්පත නොපෙන්වා ජනාධිපතිවරයා නොමග යවා හෝ රවටා ඇති බවකි.

උදාහරණයක් ලෙස සිංහල භාෂාවෙන්, එක්සත් ජාතික පක්ෂය, දෙමළ භාෂාව අනුව “ඓකීය දේශිය කච්චි” ලෙසත් එය ඉංග්‍රීසියෙන් United National Party. වේ. එමෙන්ම ඉංදිය අගමැතිවරයා එක්සත් ජාතින්ගේ සංවිධානය අමතන අන්ද්‍රා ප්‍රදේශයේ තෙලිඟු ප්‍රවෘත්ති විකාශන ඔස්සේ ප්‍රකාශ කලේ “එක්සත් ජාතින්ගේ සංවිධානය” ඓකීය රාජ්‍ය සමිති” ලෙස යනුවෙනි, ඒ අනුව මෙතෙක් දෙමළ ජනතාව 1956 සිට ඉල්ලා සිටි එක්සත් United රාජ්‍යයක් ඓකීය රාජ්‍ය Ikya Rajya ලෙස නව ව්‍යවස්ථාව මගින් ශ්‍රීලංකාවේ සමස්ථ ජනතාව රවටා ලබාදීමට කටයුතු කරමින් සිටි.

-FB

Related posts

කොළඹ අවන්හලක පිපිරීමක්

colombotoday

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday

“2020 ජනපති අපෙක්ෂකයා රනිල්” – ෆොන්සේකා… “2020 අපේක්ෂකයා තෝරන්නේ ජනතාවයි” – සජිත්

colombotoday

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

colombotoday

TNA ශ්‍රීධරන්ගේ ගල් පැළෙන බොරුවලට ආරක්ෂක ඇමති පිළිතුරු දෙයි

colombotoday

ජනපතිවරණයට සහය දීමට වසන්තගෙන් සජිත්ට කොන්දේසි !

colombotoday