Colombo Today Local News

දූෂකයා බේරාගන්න හැදූ කාන්තා කටයුතු ඇමතිණියව විනිසුරු ඉලංචේලියන් විවේචනය කරයි !

විජයකලා මහේශ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ක්‍රියා කලාපය අනුමත ‍කිරීමට නොහැකි බව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් යාපනය මහාධිකරණයේදී ප්‍රකාශ කළේය.

යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා එලෙස පැවසුවේ. දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් නමැත්තා නිර්දෝෂි කිරීමට කාන්තා කටයුතු අමාත්‍යවරිය ගෙන ඇති ක්‍රියා මාර්ග අනුමත නොකරන බවයි

ස්විස් කුමාර් මෙම ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් පැවසූවේ “කයිට්ස් පොලිසිය මගේ මල්ලි අත්අඩංගුවට ගෙන යාපනයට අරගෙන ගියා. මම මල්ලි බලන්න යන අතරමගදි වේලනෙයි ප්‍රදේශයේදී මිනිස්සු අල්ලගෙන මාව ලයිටි කණුවක ගැට ගහලා පහරදුන්නා. ඒ වෙලාවේ විජයකලා මැඩම් එතනට ආවා. ඇවිල්ලා ඔයා සශිගේ අයියාද කියලා ඇහුවා. එහෙම අහලා එතන හිටපු මිනිස්සුන්ට කිව්වා මෙයාට පහරදෙන්න එපා කියලා. එහෙම කියලා විජයකලා මැඩමි පැය දෙකක් විතර එතන හිටියා. පස්සේ මගේ ‍නෝනයිල මගේ අම්මා එතනට ඇවිල්ලා මිනිස්සුන්ට කිව්වා මාව බේරන්න කියලා.” යනුවෙනි.

Related posts

මම දේශපාලනයේ නැවත උපදිනවා – හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

colombotoday

15 හැවිරිදි සිසුවියක් පාසලේ ගොඩනැගිල්ලකින් බිමට පනී

Admin

විදුහල්පති මාරු කළාට මගීන්ට දඩුවම්.. හිස්බුල්ලා සිසුන් නුවර කුරුණෑගල මහ මග වසයි!

colombotoday

කිලෝ 80ක් බර තවත් නිල් මැණික් පොකුරක් රත්නපුරෙන් හමු වෙයි

colombotoday

එජාපයට චෝදනා කිරීමෙන් පලක් නෑ.. ජනපති වහා ඉල්ලා අස්විය යුතුයි – ජවිපෙ කියයි

colombotoday

අස්ගිරි මහානාහිමි ප්‍රමුඛ මහ සගරුවන උතුරේ සංචාරයක (Video)

colombotoday