Colombo Today Local News

ජනපතිට එරෙහිව නිව්යෝර්ක්හි උද්ඝෝෂණ !

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහාමණ්ඩල සැසිවාරයට සහභාගිවීමට එරෙහිව විරෝධය පළකරමින් නිව්යෝර්ක් නුවර ජගත් මූලස්ථානය ඉදිරිපිට 19 දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරලීමට එල්.ටී.ටී.ඊ. හිතවාදී ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජගත් මහා මණ්ඩල සැසිය ඇමතීමට එරෙහිව මෙලෙස තම විරෝධතා ව්‍යාපාරය දියත් කරන බවත් පසුගිය යුද සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන්ට මෛත්‍රීපාල සිරිසේන මහතාද වගකිව යුතු බවත්, ද්‍රවිඩ ඊලාම් සංක්‍රාන්තික රජයේ ප්‍රධානී වී. රුද්‍රකුමාරන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ ජනතාවට එරෙහිව සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සොයා බැලීම සඳහාද ශ්‍රී ලංකා රජය මතෛක් විධිමත් පියවර ගෙන නොමැති බවද ද්‍රවිඩ ඊළාම් සංක්‍රාන්තික රජය නම් සංවිධානය සඳහන් කරයි.

Related posts

බස් ගාස්තු 30% කින් ඉහළට

colombotoday

“හමුදාව ලවා කංසා වගාකරනවා.. මහා සංඝරත්නයත් විරුද්ධ නෑ“ – රාජිත

colombotoday

“තැන් තැන්වල අවලාද එපා.. කෙලින් එන්න“ – මන්ත්‍රී ප්‍රසන්නට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday

21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්

Admin

වාද්දූවේ නිවසක් ගිනි ගනී

colombotoday

පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

colombotoday