World

හින්දු තරුණයෙකු හා විවාහ වුවා කියා මුස්ලිම් ගැබිණි කාන්තාවට ඥාතීන් කරපු අපරාධය !

හින්දු තරුණයෙකු හා විවිව වීමේ වරදට මුස්ලිම් ජතික තරුණියක් ඇයගේ ඥාතීන් විසින් ගිනිතබා මරාදැමීමේ සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කර්ණාටක ප්‍රාන්තයේ බිජ්පූර්හි ගුන්දාකනාලා නම් ගම්මානයේ හින්දු තරුණයකු හා විවාහවූ වයස 21ක දරුවකු ලැබීමට සිටි තරුණ මවක් මෙසේ ගිනිතබා මරා දමා තිබෙන්නේ පසුගිය සතියේ සෙනසුරාදා දිනයි.

බානු බෙගම් සහ ෂරනප්පා කොනූර් නමැති යුවල පසුගිය ජනවාරි මස තමන් ජීවත්වූ ගුන්දාකනාලා ගම්මානයෙන් පැනගොස් ගෝව ප්‍රදේශයේදී විවාහ වී ඇති අතර බානු බෙගම් නම් කාන්තාවට ට දරුවකු ලැබීමට සිටින බැවින් නැවත ගම්මානය වෙත පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් තම දියණියව ප්‍රතික්ෂේප කල නෑදෑයින් විසින් ඇයගේ ස්වාමිපුරුෂයාට දරුණු ලෙස පහරදී ඇත. ඔහු එම ස්ථානයෙන් පලාගොස් පොලිසිය කැදවගන එන විටත් සිය බිරිද ගිනි තබා මරා දමා සිට ඇති බව පොලිසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ගිනි තබා මරාදැමූ තරුණියගේ මව,පියා,අයියා සහ අක්කා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin

සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති හේතුවෙන් නවසීලන්ත අගමැතිනිය අවහන්හලකින් දොට්ට

colombotoday

කොරෝනා වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවීමක්

colombotoday

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

colombotoday

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

colombotoday

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday