Colombo Today Local News

මියන්මාර් නියෝජිත පිරිසක් ඥාණසාර හිමි හමුවෙයි !

ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සදහා ජපානයට වැඩම කර  සිටි ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පසුගිය සතියේ නැවති මෙරටට වැඩම කර ඇති අතර මියන්මාරයේ නියෝජිත පිරිසක් ඊයේ (15) උන්වහන්සේ හමුවී ඇත.

මියන්මාරයේ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය පිළිබදව එම නියෝජිත පිරිස ඥාණසාර හිමියන් සමග සාකච්ඡා කර ඇති අතර, රොහින්ග්‍යා අන්තවාදීන්ගේ හිරිහැර හේතුවෙන් පීඩාවට පත්ව සිටින අරකාන් ප්‍රාන්තයේ බෞද්ද ජනතාවගේ ත්ත්වය පිළිබදවද නියෝජිත පිරිස එහිදී පැහැදිළි කර ඇත.

අන්තවාදයට එරෙහිව මියන්මාර් නායිකා අවුස් සාන් සූ කී මහත්මිය ගත් එඩිතර තීරණය පිළිබදව ඥාණසාර හිමියන් ස්තූතිය පලකර ඇති අතර, ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාව හා බුරුමය අතර පැවති අති සමීප මිතුදම පිළිබදවද සිහිපත් කර ඇත.

පෙරටත් වඩා ඉදිරියේදී ආගමික වශයෙන් සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබදව දෙරටේම නියෝජිතයන් මෙහිදී අවධාණය කර ඇත.

 

 

Related posts

විමල් වීරවංශට නොතීසි

Admin

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවා අවුරුදු 03ක් පරිවාස භාරයට

colombotoday

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday

2020 විධායක අගමැති සිහිනයෙන් ජනපති ක්‍රමය අහෝසි කරන කැබිනට් පත්‍රිකාව හෙට – Colombo Today නොවැම්බර් 9 හෙළිදරවුව ඇත්තක් වෙයි

colombotoday

නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවැරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරයි

Admin

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday