Colombo Today Local News

12ක් අරන් ආණ්ඩුවෙන් යනවා කියූ අරුන්දික ප්‍රනාන්දු ඇමති ධුරයෙන් නෙරපයි !

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව කියා සිටී.

ආණ්ඩුවේ සාමුහික වගකීම කඩ කරමින්, නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ නිකුත් කිරීම මීට ආසන්නතම හේතුව බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ..!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ.

නියොජ්‍ය අමාත්‍ය ඇරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය 27 පෙරවරු 9.30 ට මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට කැඳවා තිබූනා.

ඒ මිග් යානා ගනුදෙනුවේදි මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී සිටින ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග සමඟ ජපානයේදි ජායාරුපයකට පෙනි සිටිම සම්බන්ධ සිද්ධියක් පිළිබඳ කරුණු වීමසීමක වන බව සඳහන්.

මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට පමිණ යන අවස්ථාවේදී අරුන්දික ප්‍රනාන්දු තමන් ඇතුළු 12 දෙනෙකු ඇමති ධුර අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන බව සඳහන් කර සිටියා.

මෙම පිරිස ඉවත් වන්නේ මුල් වටයට බවත් තවත් පිරිස් ඉදිරියේදී ඉවත් වන බවත් ඔහු කියා සිටියා.

Related posts

ෆොන්සේකාගේ අමාත්‍යධූරයට තට්ටු වේ? තීරණය ගන්න ජනපති – අගමැති අතර හමුවක් !

colombotoday

මිලියන් 500ක් ඉල්ලා හිටපු ඇමති විජේදාසගෙන් “කැෆේ” කීර්තිට එන්තරවාසියක් !

colombotoday

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට උදෑසන ඇරඹේ

colombotoday

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩි, මස්සිනා සහ තැරැව්කරුට ඇපදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පාලනයට නව සමාගමක්

colombotoday

එජාපයේ පළුවක් ගලවගෙන රවී මහින්දගේ ආණ්ඩුවට ?

colombotoday