Colombo Today Local News

මරික්කාර්, මුජිබර්, සාලි මියන්මාර් තානාපති කාර්යාලය වටලා තග දමයි (Video)

මියන්මාරයේ සිදුවන්නේ යැයි පැවසෙන මුස්ලිම් සංහාරයට විරෝධය පළකරමින් අද කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

සිකුරාදා දේව මෙහෙය අවසන් වීමෙන් පසු කොලඹ දවටගහ පල්ලිය ඉදිරියෙන් ඇරඹි විරෝධතා පෙළපාලිය මියන්මාර් තානාපති කාර්යාලය අසලට ගමන් කළ අතර, එහිදී මියන්මාර් නායිකාවගේ රුව සහිත පෝස්ටර්වලට ගිනි තබමින් පිරිස විරෝධතාවයේ නිරතවිය.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර්, මුජිබර් රහමන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රී අසාත් සාලිද එක්වී සිටියා. එහිදී තර්ජණාත්මකව අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ මියන්මාරයේ තත්ත්වය පාලනය නොවුණොත් තමන් දැඩි තීරණයක් ගැනීමට සූදානම්වන බවයි.

මියන්මාරයේ රාඛීන් පළාතේ රොහින්ග්‍ය ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් පොලිස් ස්ථාන 50කට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර දක්වමින් මියන්මාර් රජයේ හමුදා දැඩි හමුදා මෙහෙයුමක් ආරම්භ කෙරිණි. කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මියන්මාර් නායිකා අවුන්සාන් සූඛී ප්‍රකාශ කර ඇත්තේ තම රට තුළදී මුස්ලිම් ප්‍රජාවට කිසිදු හිරිහැරයක් සිදුවී නොමැති බවයි. රොහින්ග්‍යා ත්‍රස්ත හිතවාදීන් තම රටට එරෙහිව ලොව පුරා සාවාද්‍ය ප්‍රචාර ගෙන යන බවද ඇය සදහන් කර තිබිණි.

[fbvideo link=”https://www.facebook.com/dailyceylon/videos/1556432184417293/” width=”500″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/1329533167121406/videos/1617580274983359/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අත්හරී…

colombotoday

මහර කැරැල්ල – තුවාල ලැබූවන් 107 ක් දක්වා ඉහළට

colombotoday

මහනුවර කලහයෙන් හානි වූ අයට ලක්ෂ 98ක් වන්දි

colombotoday

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

colombotoday

වසන්තගෙන් හිස්වූ ඇමති පුටුවේ ෆොන්සේකා වාඩිවෙයි… අවසරයක් නැතිවම ඇමතිකමේ වැඩ බාරගනී…

colombotoday