Colombo Today Local News

මියන්මාරයට එරෙහිව ලංකාවේ තැන තැන උද්ඝෝෂණ.. අවුන්සාන් සූඛීගේ පිළිරුවකුත් ගිනිතබයි !

මියන්මාරයේ මුස්ලිම් සංහාරයක් සිදුවන්නේ යැයි පවසමින් ඊට එරෙහිව අද දිවයිනේ ප්‍රදේශ කීපයක විරෝධතා ව්‍යාපාර පැවැත් වුණි.

අද දහවල් ජුම්මා ආගමික වතාවත් නිමවීමෙන් අනතුරුව උතුරු- නැගෙනහිර දෙපළාතේත් කොළඹ දිස්ත්‍රික්කයේත් මුස්ලිම් ජනතාව තම දේවස්ථාන අසළ වීදිවලට බැස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නියැලුනි.

නැගෙනහිර පළාතේ පැවති උද්ඝෝෂණයකදී මියන්මාරයේ නායිකා අවූන් සන් සුකී ගේ අනුරුවකට ද ගිනි තබා ඇත. සිදුවන මුස්ලිම් සංහාරය නතර කිරීමට මියන්මාර රජයට බලපෑම් කරන ලෙස ජනධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් මෙහිදී විරෝධතා කරුවන් ඉල්ලා ඇත.

මියන්මාරයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සංහාරයක් සිදුවන බවට පළවෙන පුවත් මුළුමනින්ම සාවද්‍ය බවත්, එම පුවත් ප්‍රචාරය කරන්නේ රොහින්ග්‍යා ත්‍රස්ත හිතවාදීන් බවත් මියන්මාර් නායිකා අවුන් සාන් සූඛී ප්‍රකාශ කර තිබිණී.

Related posts

ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපතිගේ අනුග්‍රාහකත්වයෙන් රණව්රු මවකට නව නිවසක්

colombotoday

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් – මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

2023 බ්‍රිතාන්‍යයේ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවත් ඇතුළත් කෙරේ

colombotoday

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ජනපති හමුවෙයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති සම්පාදනය කරීමේ සූදානමක්

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday