Colombo Today Local News

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාව පරාජය කිරීමේ අරමුණින් හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ ගේ පුරෝගාමීත්වයෙන් “එළිය” නමින් සංවිධානයක්‌ එළි දැක්‌වීමට නියමිතව තිබෙනවා.

ව්‍යවස්ථා සංශෝධන අනතුර පිළිබඳ කතිකාව නමින් එහි පළමු සම්මන්ත්‍රණය මේ මස 06 වන දා බොරලැස්ගමුවේ දී පැවැත්වීමට නියමිතයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මෙන්ම වෙනත් දේශපාලන නායකයන් සහ විද්වතුන්, කලාකරුවන් සහ වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම උත්සවයට සහභාගි වීමට නියමිත බව සඳහන් වනවා.

පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි, විමල් තිරිමාන්න පියතුමා, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, මේජර් ජනරාල් කමල් ගුණරත්න, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක, විශේෂඥ වෛද්‍ය සීනා අරඹේපොල ආදීන් මෙම සම්මන්ත්‍රණය ඇමතීමට නියමිතය

Related posts

සුවසැරියේ රියදුරුට සහ හෙදියට පහරදුන් බේබද්දන්ට වැඩ වරදී

Admin

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

colombotoday

තලතා වෙනුවට කරුණා දිවුරුම් දෙයි

Admin

CID විමර්ෂණවලින් තවත් රහස් එළියට… බැදුම්කර බෑණා තවත් පුද්ගලයන්ට මිලියන ගණන් දුන් හැටි හෙළිවේ

colombotoday

“මහමැතිවරණයෙන් පසු රජයේ සේවක වැටුප 50% කින් කප්පාදු කරනවා.” වසංගතය අස්සේ රංජිත් මද්දුම බණ්ඩාර ඡන්ද හොයයි

colombotoday

‘නවීන් දිසානායක මට පරුෂ වචනෙන් බැන්නා‘ – තිලංග කතානායකට ලියූ ලිපිය මෙන්න

colombotoday