Colombo Today Local News

ජෙනරාල් ගැන ෆීල්ඩ් මාර්ෂල්ගේ ප්‍රකාශයට හමුදාපතිගෙන් සැර පිළිතුරක් !

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක ඉල්ලා සිටිනවා.

එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බවත් පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බවද හමුදාපතිවරයා අවධාරණය කර සිටි.

“පසුගිය කාලයේ මාව පයින් ගසා එළවද්දී කිසිම මොහොතක හමුදාවට විරුද්ධව කතා කළේ නැහැ. මා යළි යළිත් ඉල්ලනවා පෞද්ගලික අමනාපකම්වලට යුද්ධ හමුදාව සම්බන්ධ කරගන්න එපා කියලා. ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් සමයේ තානාපති ධුරයක කටයුතු කළා. ඔහුගේ සේවා කාලය අවසන් වෙද්දී යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිල්ලක්‌ ලැබෙනවා. එතකන් ඔය පැමිණිල්ල ලැබිලා තිබුණේ නැහැ මං දන්නා තරමට. ඔය කාගෙ කාගෙත් ප්‍රශ්නවලට උත්තරීතර හමුදාව සම්බන්ධ කරගන්න එපා.”

“ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරේ සිටියදී මට සිදු වූ අසාධාරණකම්වලට මං ඔහුට දොස්‌ කියන්න ගියේ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාව සම්බන්ධ කරගෙන කළ ප්‍රකාශයට හමුදාව අප්‍රසාදය පළ කරනවා. ත්‍රස්‌තවාදීන් සමඟ පැවැති යුද්ධයෙන් හමුදාවේ විසිඅට දහසක්‌ පමණ මියගියා. ඒ වගේ දෙගුණයක්‌ සෙබළුන් තුවාල ලැබුවා. ආබාධිතයන් වුණා. හමුදාව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළේ මේවා අහන්නද? උත්තරීතර ආරක්‍ෂක හමුදාව කිසි විටෙක මානව හිමිකම් කඩ කළේ නැහැ. අපි ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සලකන්නේ ඔහු ආරක්‍ෂක හමුදාවට කළ උසස්‌ සේවය නිසයි. නැතිනම් දේශපාලනය නිසා නොවෙයි.”

 

Related posts

යතුරුපැදි ජාවාරමක සුල මුල හෙළිවෙයි. දෙදෙනෙක් වැල්ලවායේදී අත්අඩංගුවට

colombotoday

බුද්ධි අංශ නිශ්ක්‍රීය වෙලා.. උතුරු නැගෙනහිර තත්ත්වය බරපලයි !

colombotoday

පාසල් සිසුන් 400ක් පාර්ලිමේන්තු යයි

Admin

වැඩිහිටියන් රැකබලා ගන්න ශ්‍රමිකයින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්

Admin

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් හා එහි ආශ්‍රිතයින් 103ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනී

colombotoday

ජවිපෙ ඒකමතිකව තීන්දු කරයි.. මන්ත්‍රී හයම විශ්වාසභංගයට පක්ෂයි

colombotoday