Colombo Today Local News

ඉහළම තැනකින් හම්බන්තොට අධිවේගයේ සැලසුම වෙනස් කරයි.. සුපිරි මගඩියක් අතේ පත්තුවෙයි !

මාතර – බෙලිඅත්ත අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගුවන් පාලම්වල දිග වැඩි කිරීම සඳහා අමතර රුපියල් මිලියන 36000 ක්‌ වෙන් කිරීම සැක සහිත බැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක්‌ කිරීමට කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

කලින් ඇස්‌තමේන්තු කළ ගුවන් පාලම් සඳහා දිග ප්‍රමාණයට අමතරව තවත් කිලෝමීටර් 2.78 ක්‌ වැඩි කිරීමට මලික් සමරවික්‍රම, පාස්කරලිංගම්, චරිත රත්වත්තේ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විතව පිහිටුවා ඇති, ආණ්‌ඩුවේ ආර්ථික කළමනාකරණ කමිටුව තීරණය කළේ කුමන වාර්තා පදනම් කරගෙනදැයි සුනිල් හඳුන්නෙත්ති මහතා එහිදී ප්‍රශ්න කළේය.

ඉංජිනේරු වාර්තා නොමැතිව කිහිප දෙනෙකුගේ වුවමනාවට මාතර – බෙලිඅත්ත අධිවේගී මාර්ගයේ ගුවන් පාලම්වල දිග වැඩි කර ඇතැයි ද සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.

එසේ දිග වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 36000 ක්‌ වෙන් කර ඇතැයි ද, එවැනි විශාල මුදලක්‌ අමතරව වැය කරන්නේ නම් ජනතාවගෙන් හෝ පාර්ලිමේන්තුවෙන් හෝ විමසිය යුතුව තිබූ බව ද හෙතෙම කීවේය.

මෙයට සම්බන්ධ නිලධාරීන් හා ආයතන කෝප් කමිටුවට ගෙන්වීමට කටයුතු කරන බව ද, මේ ව්‍යාපෘතිය පිළිබඳව කෝප් කාරක සභාවට ඉදිරියේදී ඉදිරිපත් කරන බව ද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවැසීය.

[fbvideo link=”https://www.facebook.com/jvpsrilanka/videos/1463432130412736/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් FCID කැඳවීමේ සූදානමක්

colombotoday

මැති සබයට මිරිස් කුඩු ගෙනාවේ සපත්තුවේ හංගාගෙන

colombotoday

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

colombotoday

කොවිඩ් -19 වැළඳී මියගිය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි

colombotoday

“වගා බදු අරමුදලේ කෝටි 600 ක් ආගිය අතක් නෑ“ ගොවිජන සම්මේලනයෙන් රජයට චෝදනා

colombotoday